Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ෂෙරී ඇචේසන්ගේ ලංකවේ මව DNA පරීක්ෂණයෙන් ඇයගේම මව බව තහවුරු වෙයි –

ෂෙරී ඇචේසන්ගේ මව හඳුනා ගැනීම සඳහා කළ ඩී.එන්.ඒ. පරික්ෂණයේ ප්‍රතිඵල මීට සුඵ මොහොතකට පෙර නිකුත් කෙරිණි.ඒ අනුව සිරස කළ අනාවරණයෙන් පසු තමන් ඇගේ බවට පිළිගත් කාන්තාවගේ ඩී.එන්.ඒ. සමග 99.99%ක් සමාන වන බව ඒ පිළිබඳ පරික්ෂණ සිදුකළ බ්‍රිතන්‍ය ආයතනය පවසයි.

එක්සත් රාජධානියේ තාක්ෂණ ක්ෂේත්‍රයේ බලවත්ම කාන්තාවන් 35 දෙනා අතරට එක්ව සිටින මේ සුවිශේෂී කාන්තාවගේ මව පිළිබඳ ලද තොරතුරක් මත පසුගිය 18 වන දා නිව්ස්ෆස්ට් ක්‍රියාත්මක විය.

බ්‍රිතාන්‍යයේ ඉන්ටර්නෙට් ඔස්සේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය නිර්මාණය ඇතුළු විශේෂ කාර්යයන් ගණනාවකට දායකත්වය ලබා දුන් කාන්තාවක් වන ෂෙරී අවස්ථා රැසකදී ලෝක අර්ථීක සමුළුව ඇමතූ අතර මේ වන විට සිය වෘත්තීය ජීවිතයේ අති සර්ථකත්වයක් හිමි කර ගත් කාන්තාවකි.

1991 පෙබරවාරි 28 වන දා ෂෙරී ඇචේසන් උපත ලබා ඇත්තේ, නිරෝෂිකා යන නාමයෙන් වන අතර ඉපිද දින 15කට පසු ඇය අයර්ලන්ත ජාතික යුවලක් වෙත ලබා දී තිබේ.ඇය සතුව තිබූ උප්පැන්නය ඇතුළු අනෙකුත් ලියකියවිලිවල සඳහන් වූ තොරතරු අසත්‍ය ඒවා වූ අතර නිව්ස්ෆස්ට් ඇගේ සැබෑ මව සොයා මෙහෙයුමක් ආරම්භ කළේ ය.



from Gossip Lanka News & Video http://ift.tt/2A2p28d
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();