Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැඩකිඩයි ඩියුටියයි දැක්කම පුදුම හිතෙන ලොව භයානකම විශේෂ බලකායන් කිහිපයක් මෙන්න

01. MARCOS – ඉන්දියාව

 

මාර්කෝස් (Marcos) යන කෙටි නාමයෙන් හඳුන්වනු ලබන්නේ ” ‘Marine Commandos” යන්නයි. මොවුන් HALO( High Altitude-Low Opening) සහ HAHO (high altitude – high opening) යන ක්‍රම දෙකටම පුහුණුව ලබනවා. එමෙන්ම ඉතා සන්නද්ධ හා ලොව සිටින භයානකම විශේෂ බලකායක් ලෙසත් Marcos සැළකෙනවා. ඔවුන්ගේ පුහුණුව එක්සත් ජනපදයේ සීල් භටයන්ගේ පුහුණුවට හා බ්‍රිතාන්‍ය SAS භටයන්ගේ පුහුණුව ඇසුරෙන් ඒ හා සමාන ආකාරයට සකසා තිබෙනවා. එමෙන්ම ඉන්දියාවේ මිසෝරාම් හී වෙරින්ග්ටේ හී පිහිටා ඇති CIJW (Counter-Insurgency and Jungle Warfare School) නම් ගරිල්ලා යුධ පුහුණු පාසලේ අනිවාර්ය පුහුණුවක්ද මෙම පුහුණුවට ඇතුළත් වෙනවා. මොවුන්ගේ පුහුණුව සැලකෙන්නේ ඉතා ඉහළ අභිප්‍රේරණය යුතු පුහුණු පාඨමාලාවක් ලෙසයි. මෙම බලකාය ක්‍රියාත්මක වන්නේ අතිශය රහසිගතවයි. මොවුන්ව “Dadhiwalee fauj” හෙවත් bearded army ලෙස ද හඳුන්වනු ලබනවා.

02. Special Services Group (SSG) – පාකිස්ථානය

 

පාකිස්ථාන හමුදාවේ විශේෂ බලකාය, විශේෂ සේවා කණ්ඩායම හෙවත් Special Services Group (SSG) ලෙස හැඳින්වෙනවා. එක්සත් ජනපද විශේෂ බලකාය හා බ්‍රිතාන්‍ය විශේෂ බලකාය යන දෙකටම බොහෝ සෙයින් සමාන මෙම බලකාය සැළකෙන්නේ ලොව ඉහළම පුහුණුවකින් යුතු බලකායක් ලෙසයි. ලොව තෙවැනියට අසීරුම පුහුණුව ලබන්නේ ඔවුන් විසිනි. මෙම කණ්ඩායමට බැඳීමට වසර පහක යුධ පුහුණුවක් අවශ්‍ය වෙනවා. ශාරීරක පුහුණුව මෙහි වැදගත්ම කොටසක් ලෙස සැළකෙනවා. එහි කොටසක් ලෙස සැතපුම් 36ක් පැය 12ක් පුරා නොනැවතී යන ගමනක් හා සැතපුම් 5ක් විනාඩි 45ක් තුළ සම්පූර්ණ කළ යුතු වන්නේ තමන්ගේ සම්පූර්ණ ආයුධ කට්ටලය ද සහිතවයි. මෙම පුහුණුවට ඇතුළත් වන අයගෙන් පුහුණුව නිම කරන්නේ 5%ක තරම් වන පිරිසක් වන නිසා පුහුණුව කෙතරම් අසීරු ද යන්න සිතා ගත හැකියි.

03. ජාතික ජෙන්ඩාමරී පොලීසියේ විශේෂ බලකාය – ප්‍රංශය (National Gendarmerie Intervention Group, France)

 

මෙය සාමාන්‍යයෙන් හදුන්වනු ලබන්නේ ‘GIGN’යන කෙටි නාමයෙන් වන අතර මෙය ප්‍රංශ ජෙන්ඩාමරී පොලිස් බලකායේ කොටසක් ලෙස ක්‍රියාත්මක වෙනවා. මෙය ප්‍රංශයේ ඇතුලුව ලොව ඕනෑම තැනක සිදුවන ත්‍රස්ත ක්‍රියාවකදී හෝ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම් වලට තමන්ගේ සහයෝගය දැක්වීමට සූදානමින් සිටිනවා.

GIGN ආරම්භ වන්නේ වර්ෂ 1973දීයි. ඒ ආයුධ සන්නද්ධ පුරුෂ නිත්‍ය බලකායක් ලෙස වන අතර, මෙය ආරම්භ වීමට ආසන්නතම හේතුවක් ලෙස 1972 වසරේදී මියුනිච් ඔලිම්පික් උලෙළේ දී සිදු වූ ප්‍රහාරය හඳුනාගත හැකියි. 1974 වසරේ මාර්තු පළවෙනි දා නිල වශයෙන් මෙහෙයුම් කටයුතු ආරම්භ කරන මෙහි ප්‍රථම අණදෙන නිලධාරීයා වුනේ ලුතිනන් ක්‍රිස්ටියන් පෘතෝ ( Christian Prouteau) යි.

මෙය ත්‍රස්තවාදී ප්‍රහාර වලට ප්‍රතිචාර දැක්වීමට අමතරව දරුණු අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම, ප්‍රභූ ආරක්ෂාව, හා ඉහළ අවධානමක් සහිත පොලිස් මෙහෙයුම් වලට ද GIGN තම දායකත්වය ලබා දෙනවා.

04. සාස් (Special Air Service (SAS))

 

එක්සත් රාජධානියේ විශේෂ යුධමය කටයුතු වෙනුවෙන් සංවිධානය හා පුහුණුකර තිබෙන ඒකකය SAS වෙනවා. SAS ක්‍රියාත්මක වන්නේ එක්සත් රාජධානියේ විශේෂ බලකායේ කොටසක් ලෙසයි. එමෙන්ම එය විශේෂ බෝට්ටු බලකායක්, විශේෂ බුද්ධි අංශය රෙජිමේන්තුවක්, විශේෂ බලකා සහායක කණ්ඩායමක්, පරිපූර්ණ සංඥා රෙජිමේන්තුවකින්, හා ගුවන් බලකායකින් ද සමන්විතයි.

SAS බලකායට භටයන් බදවා ගනු ලබන්නේ මූලිකව එක්සත් රාජධානියේ හමුදාව තුලින්මයි. නමුත් මෙහිදී කලින් රෙජිමේන්තුවේ හෝ සේවා ඛණ්ඩයේ සේවය ගණන් නොගන්නා අතර එයට අනිවාර්යයෙන්ම අතිශය වෙහෙසකර විශේෂ බලකායේ තෝරා ගැනීමේ පරීක්ෂණය ද සමත්විය යුතු වෙනවා. මෙහිදී භටයන් සතු යුධමය කුසලතාවයන්, ශාරීරික යෝග්‍යතාවයන්, දරාගැනීමේ හැකියාවන්, හා අධිෂ්ඨාන ශක්තිය සලකා බැලෙනවා.

05. සීල් – Navy Seals USA

 

1962 දී හිටපු ජනපති ජෝන් එෆ් කෙනඩි මහතා විසින් ආරම්හ කල ලොව ප්‍රසිද්ධියම විශේෂ බලකායක් ලෙස ඇමරිකානු නාවික හමුදාවේ සීල් බලකාය සැළකෙනවා. එය තුන්බිම ම සටන් කළ හැකි ඒකකයක්. ඔවුන්ට ඉතා ඉහළ විශේෂඥ පුහුණුවක් ලබා දී තිබෙනවා. ඒ මගින් ඔවුන්ට ඕනෑම පරිසර තත්ත්වයක සටන් කිරීමේ හැකියාව ලැබෙනවා.

ඔවුන්ගේ කාර්යයන් හා වගකීම් අතරට පහත දෑත් අඩංගු වෙනවා.

ලොව දරුණු හා භයානකම ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම හා ඔවුන් මර්ධනය
කුඩා කණ්ඩායමක් ලෙස ත්‍රස්ත ඉලක්ක වෙත ගොස් පහර දීම
බුද්ධිමය තොරතුරු හා යුධමය තොරතුරු සෙවීම
මීට අමතරව SEAL සැලකෙන්නෙ ලොව ඉහළම ශාරීරික පුහුණුවක් හා මානසික පුහුණුවක් ලබන බලකායක් ලෙසයි.

source – roar සිංහල



from Gossip Lanka News & Video http://ift.tt/2hdRMXG
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();