ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයන් පිළිබඳව අවධානය යොමු කරන විට ඒ බොහෝ දෙනා මඳ වේග පන්දු යැවූ දක්ෂ පිතිකරුවන්ය.ඉතිහාසය විමසා බැලු විට රිචඩ් හැඩ්ලි,ඉයන් බෝතැම්,ඉම්රාන් ඛාන් ,කපිල් දෙව් වැනි සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයන් මෙන්ම මෑත ඉතිහාසයේ ක්‍රිකට් පිටියට සමු දුන් ඇන්ඩ්රු ෆ්ලින්ටොෆ්,ජැක් කලීස් වැනි දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයන්ද ඉතා දක්ෂ පන්දු යවන්නන් මෙන්ම පිතිකරුවන් ලෙසද තම කණ්ඩායම් වලට ඉහල සේවයක් කල ක්‍රීඩකයන් ය.
මෙවැනි සුපිරි ක්‍රීඩකයන් කණ්ඩායමකට සිටීම ඕනෑම ක්‍රිකට් කණ්ඩායමකට දැඩි ශක්තියකි.මෑත කාලයේද ලෝකයේ සිටින බෙන් ස්ටොක් ,හර්දික් පාන්ඩේ ,කොලින් ඩී ග්රෑන්ඩ්හෝම්ස් වැනි ක්‍රීඩකයන් සීමිත පන්දුවාර තරඟ වල මෙන්ම ටෙස්ට් තරඟ වලද තම දක්ෂතා තුළින් තම කණ්ඩායම් සඳහා ඉහල දායකත්වයක් ලබා දුන් ආකාරය අපට මෑත කාලයේ දැකිය හැක.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේදී අපට ලෝක මට්ටමේ තුන් ඉරියව් ක්‍රීඩකයන් හමු වන්නේ ඉතා අඩුවෙන් වන අතර චමින්ද වාස් වැනි ක්‍රීඩකයන් පිතිකරුවන් ලෙස ටෙස්ට් තරඟ වල සේවයක් ලබා දුන්නද ඔවුන් පිළිගත් පිතිකරුවන් ලෙසට කටයුතු කරන ආකාරය අපට දක්නට නොලැබිණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සීමිත පන්දුවාර තරඟවල වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ දායකත්වය ගැන අවධානය යොමු කලද ටෙස්ට් තරඟ සඳහා මෙම වර්ගයේ ක්‍රීඩකයන් ගැන එතරම් අවධානයක් යොමු නොකළ අකාරය දක්නට ලැබුන අතර,මහරුෆ් ,තිසර,කෞශල්‍ය වීරරත්න දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයන් වුවද ටෙස්ට් තරඟ වල ඔවුන්ගෙන් ගත හැකිව තිබු සේවය ලබා ගත්තාද යන්න ප්රශ්නයකි.
දැන් නැවතත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට වේගපන්දු යැවිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ඇතුලත්ව ඇති අතර ඉන්දීය සංචාරයේදී ඔහු කණ්ඩායමට විශාල සම්පතක් වේයැයි ක්‍රීඩා විචාරකයන්ද අදහස් පළකරයි.මෙලෙස බොහෝ දෙනා අවධානය දිනාගෙන සිටින දසුන් ශානකට ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්ථාව හිමි වෙන්නේ ශ්‍රී ලංකා A කණ්ඩායමේ කොදෙව් සංචාරයේ පිතිකරුවෙකු ලෙස ඔහු පෙන්වූ දක්ෂතාවයන්ය.එම තරඟාවලියේ දෙවන තරඟයේ ශතකයක් සහ අර්ධ ශතකයක් ලබා ගන්නා දසුන් ඉන්පසුව පකිස්ථාන තරඟාවලියේ පැවති අවසන් T20 තරඟයේදී ද වේගවත් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වේ.
පිටියෙන් ඉවතට දැවැන්ත පහර එල්ල කිරීමේ හැකියාව සහිත ක්‍රීඩකයෙකු ලෙස සලකන දසුන් තාක්ෂනය අතින්ද ඉහල මට්ටමේ පිතිකරුවෙකු බව ඔහුගේ පුහුණුකරු ලෙස 2015 සිට කටයුතු කරන කරන ගයාන් විජේකෝන් පවසා ඇත්තේ දසුන්ට පන්දුව නිවැරදිව අවබෝද කර ගැනීමට පන්දු 10-15ක් සිටිය යුතු බවය.
“Dasun needs some time in the middle to settle down before Whacking. If he gets 10-15 balls earlier in his innings, where he can organise his game, mind you he is one of the cleanest six hitter, Sri Lanka Cricket currently have”(wijekon)
දසුන්ගේ මෙම ප්‍රහාරාත්මක හැකියාව මනාව පැහැදිලි වන්නේ ඔහුගේ ක්‍රිකට් තරඟ දිවියේ මේ දක්වා හයේ පහර 186 ක් එල්ල කිරීමට සමත් වීමෙන් වන අතර දඟ පන්දු යවන්නන්ගේ රිද්මය විනාශ කිරීමට මෙවැනි ප්‍රහාරකයන් කණ්ඩායම් වලට ඉතා වටිනා සම්පතක් වන අතර ,ඉන්දීය තරඟාවලිය දසුන්ට අවස්තාවක් ලැබුනොත් හර්දික් පාන්ඩේ සහ දසුන් ශානක අතර තරඟාවලියක් බවට පත් වීමටද ඉඩ ඇත.
from Gossip Lanka News & Video http://ift.tt/2hkbIVg
via internet
0 Comments