Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොල්ලෝ විස්සකට විතර ආදරේකල වසූදා විවාහන කවිදුට වසගවූ හැටි

කොල්ලෝ විස්සකට විතර ආදරේකල වසූදා
විවාහන කවිදුට වසගවූ හැටි

ඒත් මම කවිඳුත් එක්කම ජීවත් වුණා.
වැස්ස පායන්න දැන් වහින්නේ නැහැනේ ළමයෝ.

ඒ වෙනකොට මම කොල්ලෝ විස්සකට විතර ආදරේ කරලා තිබුණා. එයා කසාද බැඳපු කෙනෙක් කියලා මම දැනගෙන හිටියා

මම ඔයාට ඇත්තම කියන්නම්. මම මගේ පණටත් වඩා කවිඳුට ආදරේ කළා. වෙන කොල්ලන් ළගඟ නොතිබුණ ගතිගුණ මම කවිඳුගෙන් දැක්කා.

නැතිව මට කොල්ලෙක් හොයාගන්න බැරිකමක් නිසා නොවේ. එකපාරක් හැරිලා බැලුවොත් කොල්ලෝ දුසිමක් විතර ගෙන්නගන්න පුළුවන්කම තිබියදීත් මම කවිඳුට ආදරේ කළේ එයා හරි සිමිපල් විදිහට හිතන ඒ වගේ හොඳ ගතිගුණ තියෙන කොල්ලෙක් නිසයි.



වෙන කොල්ලෝ හොඳට ඇඳ පැලඳගෙන ගියාට කවිඳුට එහෙම ආශාවක් තිබුණෙ නැහැ. ඩෙනිමකට උඩින් ෂර්ට් එකක් දාගෙන කිසිම දෙයක බරක් පතලක් නැතිව ඉන්න කවිඳුට මම ආදරේ කළේ ඒ නිසා.

ඒ වෙනකොට මම කොල්ලෝ විස්සකට විතර ආදරේ කරලා තිබුණා. ඒත් කවිඳු මගේ හදවතට ඇතුළු වුණේ මහ පුදුමාකාර විදිහට. එයා කසාද බැඳපු මිනිහෙක් කියලා මම දැනගෙන හිටියා. මට හුඟාක් දෙනෙක් කිව්වා. උඹ ලොකු අමාරුවක වැටෙන්නේ කවිඳු නිසා කියලා. ඒකට හැම තැනම ගෑනු ඉන්නවා කිව්වා. ඒත් මම කවිඳුත් එක්කම ජීවත් වුණා.

ඔයා මගේම නේද?
මම දහස් වාරයක් කවිඳු තුරුළු කරගෙන ඔහොම අහලා ඇති. ඒත් මොකක්දෝ හිතාගන්න බැරි හේතුවකින් මට කවිඳු නැති වුණා. නැති වුණා නෙමේ නැති කළා.

ඇයි මට කොල්ලෙක් ගන්න බැරි. ඇයි මම මේ බැඳපු මිනිහෙක් පස්සෙන් යන්නේ, වෙන පිරිමි නැති නිසාද? එහෙම මම හිතුවත් කවිඳු මට නැතිවුණ එක දරාගන්න බැරිවුණා.
වසූදා ජිවිතේ ඇත්ත කතාව ඇය මෙසේ දිගහැරියේය.

කවිඳු හොඳ චරිතයක් ඇත්තකු නොවන බව මම ද දනිමි. ඔහු බොහෝමයක් ඇසුරු කළේ මිතුරන්ය. ඔවුන් ද නොමගට ගිය එවුන්ය. මත්ද්‍රව්‍ය වලට පුරුදු වුවන්ය. පාතාල සාමාජිකයන්ය. එවන් පුද්ගලයකුට වසූදාගේ හිත ගියේ මන්දැයි මට සිතාගත නොහැකිය.

හුගාක් අය කිව්වා කවිඳු උඹට ගැළපෙන්නේ නැහැ කියලා. කවිඳුට ගෑනු ඉන්නවා කියලා ඒ නිසාම මම එයාට ආදරේ කළා. උන් සේරම කිව්වේ බොරු බව මට පස්සේ තේරුණා. කවිඳු ජරා මිනිහෙක් නෙවෙයි. එයා ගාව ආදරේ තියෙනවා. එයා බැඳලා කියලා දැන දැනත් මම එයාට ආදරේ කළේ ඒ නිසයි.

වසූදා මහ පුදුම ගැහැනියකි. කවිඳු අතහැරියද ඇය මගේ ආදරේ ඉල්ලන්නේ නැත. ඒත් මම ඇයට ආදරය කළෙමි. ඒ බව ඇයට නොතේරෙනවාද නොවේ. එවන් දෙයක් නොතේරෙන බව නොහැගෙන බව පෙන්වමින් ඇය මට කියන්නේම කවිඳු ගැනය.

ඔයා ඔච්චර වර්ණනා කරන කවිඳු දැන් කෝ
ඉන්නවා
කොහේද?
මගේ ළගම
කෝ.
මගේ හිතේ.
ඇත්තටම වසූදාගේ මේ දෙබිඩි චරිතය මට ගෙන එන්නේ තරහකි. ඒත් ඇය සමගඟ තරහ වී පලක් නැත. එසේ වුවහොත් ඇය මාද අතැහැර තවත් පිරිමියකු ළගට යනවා නොඅනුමානය.

ඔයා දන්නවද කවිඳු මගේ වුණාට ඇත්තටම කිව්වොත් අනුන්ගේ මිනිහෙක්. ඒවායින් මට සතපහක වැඩක් නැහැ. මම කවිඳුට ආදරේ කරනවා නම් කාටත් මොකද?

දැන් ඉතින් ඕවා මට කියන්නේ මොකටද?
බැරිම තැන මම ඇගෙන් විමසුවෙමි
ඔයාට කියන්නේ දැනගන්න
කවිඳු ගැන දැනගෙන මට වැඩක් තියෙනවයි.

ඒක නෙමේ දවසක් අපි දෙන්නා නුවරඑළි ගියා. අතරමගදී මහා වැස්සක් වැස්සා. යන්න එන්න විදිහක් නැහැ. හැබැයි මගේ අතේ කුඩේ තිබුණා. හයියෙන් වහිනවා අපි දෙන්න කුඩයට ගුලිවෙලා වැස්ස පායනකම් එකම තැන හිටියා. පැය භාගයක් විතර හිටියා. අම්මෝ සීතල. මට ඒ දවස කවදාවත් අමතක කරන්න බැහැ. දැනුත් වැස්සේ තෙමි තෙමි කවිඳු මගේ ළග ඉන්නවා වගේ.

මේකිට නම් පිස්සුද කොහේද?
මට ඉබේටම කියැවිණි.

මොකක්ද ඔයා කිව්වේ.?
මම කීවේ වැස්ස දැන් පායලා කියලා.

වැස්ස පායන්න දැන් වහින්නේ නැහැනේ ළමයෝ.
වසූදා එක අතකින් මහ පුදුම කෙල්ලකි. ඇය කියනදේ මුහුණටම කියන කෙල්ලකි. බොහෝ මිතුරියන් මට කියා ඇත්තේ ඇය කපටි කෙල්ලක් බවය. වසූදා මෙන් මට ද ඒ අයගේ අදහස් එතරම් වටිනාකමක් ගෙන නොදුන්නත් ඇගේ සමහර අදහස් හා හැසිරිම් නිසා මගේ සිතද අසතුටට පත් වූ අවස්ථා බොහෝය.
වසූදා දැන් ඔයා කවිඳුගේ මත්තෙම එල්ලිලා ඉඳලා වැඩක් නැහැනේ.
ඇයි ඒ?

දැන් එයා ඔයා අමතක කරලනේ.
ඒ වුණාට මගේ හිතින් එයා අමතක කරන්න බැහැ.

මැය කියන්නේ කුමක්දැයි මට නොතේරෙයි. වරෙක කවිඳු ගැන ඇය හොඳ කියයි. තවත් වරෙක කවිඳුට දොස් කියයි. මැය රගන්නේ දෙබිඩි චරිතයකි. මැය වගේ ගැහැනියක් මගේ ජිවිතේට හමු වී නැතැයි මට වරෙක සිතේ.

කෙසේ වෙතත් කවිඳු හා වසූදා අතර ඇති ආදර සම්බන්ධකම දැන් අවසන් වී ඇති බව මම හොඳකාරවම දනිමි. ඒ නිසා මම ඇයට සිතින් ආදරේ කළෙමි. කවිඳු මගේ මිතුරකු වූවද ඔහු සිටියදී පවා මම හොරැහින් වසූදාට හිතින් ආදරේ කළෙමි. ඒ බවක් එවකට වසූදා නොදැන සිටියද දැන් මා ඇයට ආදරය කරන බව ඇය දනී. ඒත් ඇය ඒ බවක් නොතේරෙන විදිහට හැසිරීම ගැන මට ඇත්තේ පුදුමයකි. ඒ ඇගේ කපටි රගපෑමක් දැයි මට දහස් වරක් සිතිණි.
අපි එහෙනම් යමු.
මම ඇයගෙන් සමුගන්නා අදහසින් කීවෙමි.

ඇයි තව පොඩ්ඩක් කතා කරමුකෝ. ඔයාට හදිස්සිද?
නැහැ. ඉතින්.

ඇයි මම කවිඳු ගැන කියපු එකට ඔයාට අප්සෙට් ගියාද?
මම ඊට පිළිතුරක් නොදුන්නෙමි.

අනේ සොරි. මම කිව්වෙ මගේ හිතේ තියෙන දේ. අනේ සොරි.
හරි දැන් ඒක අමතක කරමු අපි අපේ දෙයක් කතා කරමු.
මා එසේ කියද්දී ඇය හරි බරිගැහී මා තුරුලටම පැමිණියාය.
ඉතින් කියන්න මම අහගෙන ඉන්නම්.

ඇය එසේ කීවේ තවත් මා වෙත ළං වෙමින්ය.
වසූදා, මම හුඟ කාලෙක ඉඳන් ඔයාට කියන්න හිටියේ.
ඔව් කියන්න.

මම කියන්න ඕන නැහැ. ඔයාට තේරෙනවා.
මොකද්ද

ඇත්තම කියන්නම්.. මම ඔයාට හුඟ කාලයක් තිස්සේ කැමැත්තෙන් හිටියේ.
ආ. ඒක කියන්න ද මේ හුඟ කාලයක් හිිටියේ.

ඔයා ඉතින් හරියට අහන්නේ නැහැනේ.

නැහැ නැහැ මම අහගෙන ඉන්නේ කියන්න කියන්න.

ඇය මා කියන දේ අහන්නේ එතරම්ම ගණනකට නොගෙන බව මට වැටහෙයි. ඒත් මගේ අදහස ඇයට කියන්නට මම මේ මොහොත එන තුරු බලා සිටියෙමි. ඒ නිසා මා සිත තුළ ඇති අදහස ඇයට එකවරම කියන්නට මම තීරණය කළෙමි.

මම ඔයාට ආදරෙයි වසූදා.
මගේ අදහස ඇසූ ඇය දිග සුසුමක් පිට කරමින් මා සිටි තැනින් නැගිට ගත්තාය.
ඔයා කියන එක මට තේරෙනවා. ඒත් මම හිතාගෙන ඉන්නේ මින් පස්සේ කිසිම කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වන්නේ නැහැ කියලා.

ඒ කිව්වේ
මම මින් පස්සේ කිසිම පිරිමියකුට ආදරේ කරන්නේ නැහැ.
ඇගේ කතා බහින් මම මහත් අපසුතාවකට පත්වුයෙමි. ඒ නිසා මට ඇගේ මුහුණ බලන්නට තිබුණේ කිසියම් ලැජ්ජාවකි. ඒ බව ඇයට තේරුණා විය හැකියි.

ඔයා මාත් එක්ක තරහ වෙන්න එපා. මම ඔයාට මුලින් කිව්වනේ. මම කොල්ලෝ ගොඩකට සීයකට විතර ලව් කරලා තියෙනවා කියලා.

කිසිත් නොකියා මම ඇය කියන කතාව අසා සිටියෙමි.
ඒ හැම කොල්ලෙකුගෙන්ම ලැබුණු ආදරයට වඩා මට වෙනසක් දැනුණේ කවිඳුගේ ආදරය විතරයි. කවිඳු කසාද බැඳපු මිනිහෙක් කියලා දැන දැනත් මම බය නැතිව එයාට ආදරේ කළේ, එයාත් එක්ක ජීවත් වුණේ මට දැනෙන්න ආදරේ කළේ කවිඳු නිසයි.

ඒ ආදරේ අමුතුම ජාතියේ එකක්. මම ජිවිතේට අහපු නැති දේවල් කවිඳු මට කියලා දුන්නා. අපි බැණ ගත්තා. රංඩු වුණා. යාළු වුණා. එකට හිටියා. එයා මහ පුදුම මිනිහෙක්. වැඩිපුරම එයා ආශ්‍රය කළේ සමාජයේ නරකයි කියන මිනිස්සු. එයා මාව ඒ අයට හඳුන්වලා දුන්නා. සමාජය නරකයි කියලා හංවඩු ගහපු ඒ යාළුවෝ ඇත්තටම හොඳ අය. හිත හොඳ මිනිස්සු. යාළුකමට ඕනෑම දෙයක් කරන මිනිස්සු.

ඒ මිනිස්සු ළගඟ අවංකකම ආදරය තියෙනවා. එත් අපි ළගඟ ඉන්න අයගාව ඒ අවංකකම නැහැ. ඒ නිසා ඔයා තරහ වෙන්න එපා. මම ආයෙත් වෙන කොල්ලෙක් එක්ක යාළුවෙන් නැහැ.
මම ඇගේ සිය කතාව හොඳින් අසා සිටියෙමි. ඊට පිළිතුරු නොදුන් මම ඇගෙන් සමුගන්නට යද්දී එක ප්‍රශ්නයක් ඇගෙන් ඇසුවෙමි.

හරි ආයෙත් කවිඳු ඔයා හොයාගෙන ආවොත්
ඇය මගේ කතාවෙන් වික්ෂිප්ත වූවාය. ඇය මා දෙස මොහොතක් බලා සිටියාය.
එයා මාව හොයාගෙන ආවොත් ද?

ඔව්.
ආවොත් අනිවාර්යෙන්ම එයා මගේ කරගන්නවා.
එතකොට එයාගෙ වයිෆ්
ඒකෙන් මට වැඩක් නැහැ. එයා මගේ. වෙන කාගෙවත් නෙමේ. එච්චරයි.
වසූදා පුදුම ගැහැනියකි. තේරුම්ගත නොහැකි ගැහැනියකි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();