Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අසේල ගුණරත්න සුවය ලබන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවෙන් තාවකාලික ක්‍රිකට් තහනමක්

ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මේ වන විට සුවය ලබා ඇතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පෙර තවත් තරගයකට හෝ දෙකකට සහභාගි විය යුතු යයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසයි.

එලෙස තේරීම් කමිටුව තීරණය කර ඇත්තේ පසුගිය ඉන්දීය සංචාරයේදී අසේල ගුණරත්නගේ ඇගිල්ලක ඇතිවූ ආබාධයක් නිසාය.

මේ හේතුවෙනුයි අසේල සුවය ලබන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබානොදී තේරීම් කමිටුව විසින් අසේල සුවය ලබන තෙක් විවේක ගන්වා තිබෙන්නේ.

පසුගිය දිනක පුහුණු තරගයකට සහභාගි වූ අසේල ගුණරත්නගේ නවතම තත්ත්වය පිළිබඳ කළ විමසීමේදී තේරීම් කමිටු නිලධාරියෙක් මේ බව හෙළිකර සිටියේය.

“අසේල තවමත් සහභාගි වෙලා තියෙන්නේ එක්දින තරගයකට පමණයි. ඒත් එයා තවත් තරගයකට හෝ දෙකකට සහභාගි වෙනවා නම් හොඳයි..” යයි කී තේරීම් කමිටු නිලධාරියා පවසා තිබුණා.

“අසේලව පළමු ටෙස්ට් තරගයට සහභාගි කරවන්න අපට හදිසියක් නෑ. අපි එන්නේ කොහොමද කියලා බලමු” යයිද පැවසීය.

ටෙස්ට් තරග 6 කදී ශතකයක්ද සමගින් ලකුණු 455 ක් ලබා ඇති අසේල ගුණරත්න ඉන්දීය පිලට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී තුවාල ලැබීය.

ස්ලිප්හි සිට උඩපන්දුවක් රැකගැනීමට යාමේදී පන්දුව වැදීම නිසා ඔහුගේ වම් අතේ මහපටැඟිල්ලේ අස්ථියක් කැබලි වලට බිඳී ගියේය.

ජාතික කණ්ඩයමට එක්ව තවමත් ගතවී ඇත්තේ යන්තම් වසරක පමණ කාලයක් වූවත් ටෙස්ට් සහ එක්දින කාණ්ඩ දෙකේදීම ශතක ලබා සිටින අසේල ගුණරත්න විස්සයි-20 තරග 9 කදී අර්ධ ශතක දෙකක්ද ලබා තිබේ. විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී ඔහුගේ ප්‍රහාරාත්මක වේගය පන්දු 100 කට ලකුණු 136 කි.



from Gossip Lanka News & Video http://ift.tt/2jAAHIh
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();