මුම්බායිහි පිහිටි අමිතාබ්ගේ ප්ලාසා නම් නිවසේදී හැම ඉරිදාවකම ඔහු තම දහස් ගණන් රසිකයන්ට ආචාර කරන බව කවුරුත් දන්නා සිදුවීමක්.
නමුත් පසුගිය දිනක රසිකයන් අපේක්ෂා නොකළ සිදුවීමක් සිදුවූයේ රසිකයන් සියලු දෙනාම පුදුමයටත් සතුටටත් පත් කරමිනුයි. මේ අසහාය නළුවා රසිකයන් අතරට පැමිණියේ තම සුරතල් මිණිපිරිය ආරධ්‍යාත් සමගිනුයි. ඒ වගේම පුංචි බච්චන් මිණිපිරියටත් මෙය නැවුම් අත්දැකීමක් වුණා.
ඒ වගේම මේ වෙලාවේ ඔහුගේ ලේලිය වන අයිෂ්වර්යා හා ඔවුන්ගේ අලුත්ම සුරතලා සෝල්ට් පෙපර්ත් එක්වීම තවත් විශේෂිත කාරණයක්.
අමිතාබ් බච්චන් පුංචි මිණිපිරියගේ පින්තූර පළකරමින් කියා තිබුණේ “අන්තිමේදී අපේ පුංචි පැටියා රසිකයන්ට ආචාර කරන්න එන්න කැමති වුණා”. නමුත් සෙනඟ දැක්කහම ඇය ටිකක් බයත් වුණා. එයාගේ වැඩිපුර අවධානය තිබුනේ එයාගේ අලුත් සුරතලා සෝල්ට් පෙපර්ටයි. එයාව පාරෙන් සොයාගත්තු අසරණ පූසෙක්.
මේ සුපිරි තරුවට තමන්ගේ සුරතලා ගැන මිණිපිරිය කළ ඉල්ලීම ගැන ඔහු සඳහන් කර තිබුණා. “මිණිපිරිය මට එයාගේ සුරතලාව සුරතල් කරන ලෙස ඉල්ලුවා. ඒත් මම පූසන්ට කැමති නැති බව ඇයට කිව්වහම ඇය පුදුමයට පත් වුණා. ඊට පසුව ඇයට තවත් සහෝදරියක් ඉන්න බවත්, මම එයාව සුරතල් කරන්න කැමති දැයි ඇය ඇහුවා. ඒත් මම ඊටත් අකමැති බව ඇයට කිව්වා. අද නම් වෙනදාට ආදරය වෙනුවෙන් ඇගෙන් ලැබෙන ලකුණු මට ලැබුණේ නැති බව විශ්වාසයි”. ඔහු ඔහුගේ බ්ලොක් පිටුවේ සඳහන් කර තිබුණා.
ආච්චිලා සීයලා හා මුණුපුරු මිණිපිරියන්
මේ දැවැන්ත සිනමා චරිතය නිතරම ඔවුන්ගේ මිණිපිරිය වගේම ඔහුගේ ලේලිය සමගත් කාලය ගත කරන බව පෙනෙනවා. ඒ වගේම ආරධ්‍යා තුළින් පෙන්නුම් කෙරෙන හැඟීම් වලින් ඇය තම අම්මට හා පියාට කෙතරම් ලැදි ඉතා වැදගත් හා සමීප බව කියා පානවා.
ආච්චිලා සීයලාගේ ලෝකය
ආච්චිලා සීයලාගේ ලෝකය දරුවන්ට ඉතා වැදගත් වන්නේ ඒ තුළින් ඔවුන් ජීවිතයේ වටිනාකම් ඉගෙනීමට අවස්ථාවක් ලබාගන්න නිසයි. නමුත් අද වෙන කොට ඇති පවුල් පසුබිම් හා කාර්යබහුලත්වය නිසා දරුවන්ට ඒවා මගහැරී යනවා.
- ආච්චිලා සීයලාට පවුලක් තුළ ඇති අගයන්, ගුණධර්ම දරුවන්ට මුණුපුරු මිණිපිරියන්ටත් කියා දීමට අවකාශය ලැබීමෙන් ඉතා විනෝදජනක ලෙස එදිනෙදා ජීවිතයේ සිදුවීම් අත්විඳින්න පුළුවන්.
- ඒ වගේම ඔවුන්ට වැඩකරන අම්මලාට හුඟක් උදවු ලබාදෙන්න පුළුවන්. හුඟාක් අම්මලා රැකියාව සමග කාර්යබහුල වන විට ඔවුන්ට මගහැරෙන සමහර දේ ආච්චිට හා සීයාට ඉටු කරන්න පුළුවන් අවස්ථා තිබෙනවා.
- පවුලක බැඳීම් වල වැදගත්කමත් පවුලක් බැඳීමෙන් සිටීමෙන් වන අවසන් ප්‍රතිඵලයත් ඔවුන්ට කියාදෙන්න ආච්චිලාට සීයලාට පුළුවන්.
from Gossip Lanka News & Video http://ift.tt/2hsbQ93
via internet
0 Comments