Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආනමඩුව කන්නන්ගර විදුහල්පති යකා නටයි – ශිෂ්‍යාවන් 3ක් ගැබිණි යැයි කියා අස් කරලා

විදුහල්පති ධූරයට කිසිසේත් නොගැලපෙන පුද්ගලයකු සමබන්ධව තොරතුරු ගණනාවක් ආණමඩුව කන්නන්ගර විද්‍යාලයෙන් අපට වාර්ථා වී තිබේ. මෙම විදුහල්පතිවරයා මීට මාස 8කට පමණ පෙර මෙම විද්‍යාලයට පැමිණ ඇති අතර මේ වනවිට එම විද්‍යාලයේ සිසුන් හා ගුරු බවතුන් දැඩි පාලනයකට ලක්කර තිබේ.

දැනට මාස කීපයකට පමණ පෙර මෙම විද්‍යාලයේ 10 වසර ඉගනුම ලබන ශිෂ්‍යාවන් තිදෙනෙකු ගැබ් ගෙන ඇති බව පවසා එම විද්‍යාලයෙන් ඉවත්කිරීමටද මෙම විදුහල්පතිවරයා කටයුතු කර තිබේ.

පසුව එම ශිෂ්‍යාවන් වෛද්‍ය පරීක්ශණයකට ලක් කර ඇති බවත් එහිදී එවැනි ගැබ් ගැනීමක් හෝ ලිංගික අපයෝජනයක් සිදු නොවී ඇති බවත් වාර්ථා වී තිබේ.එහෙත් එම ශිෂ්‍යාවන්ට සිදුවූ ලැජ්ජාව හේතුවෙන් ඔවුන් එම විද්‍යාලයෙන් ඉවත්කර ගැනීමට එම ශිෂ්‍යාවන්ගේ දෙමවුපියන් ක්‍රියාකර ඇත.

මෙම විදුහල්පතිවරයා මීට ප්‍රථම ආණමඩුව ආසනයේම ළමුන් 100ක්වත් නැති රළපනාව හා තවත් පාසලක සේවය කර ඇති අතර එම විද්‍යාලයේ ගුරුවරුන්ගේ දැඩි විරෝධය නිසා අදාල විදුහල්පතිවරයා වෙනත් පාසලකට මාරුකිරීමට පියවර ගෙන තිබේ.

ඒ ඇනුව පසුගිය කාලයේ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල සන්ධ්‍යා රාජපක්ශ විසින් මෙම විදුහල්පතිවරයා ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ විදුහල්පත් වශයෙන් පත්කොට ඇත. හිටපු අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා රාජපක්ශ මහතාගෙ හයිය පෙන්වමින් මෙම විදුහල්පතිවරයා විද්‍යාලයේ ගුරුබවතුන් දැඩි පාලනයකට ලක් කර තිබෙන බවත් එම හේතුව නිසා විද්‍යාලයේ කිසිදු ගුරුවරයෙකු මීට විරුද්ධව වචනයක් හෝ කීමට බියවී ඇති බවත් වාර්ථා වේ.

ළමුන් 100ක් සිටින පාසලක් හෝ පාලනය කර ගැනීමට අසමත් විදුහල්පති වරයෙකු ළමුන් 2000ක් පමණ සිටින විද්‍යාලයක් පාලනය කරන්නේ කෙසේදැයි කන්නන්ගර විද්‍යාලයේ ගුරුබවතුන් ප්‍රශ්ණ කර සිටියි.

මෙම විදුහල්පතිවරයාගෙ ක්‍රියාකලාපය නිසා කන්නන්ගර විද්‍යාලයේ දැනට සේවය කරන ගුරු බවතුන් හා සිසුන් දැඩි මානසික පීඩනයෙන් කටයුතු කරන බවත් බොහෝ ගුරු බවතුන් වෙනත් පාසලකට මාරුවීමක් ලබාගැනීමට උත්සහ කරන බවත් මේ සම්බන්ධව අදහස් දක්වමින් එම විද්‍යාලයේ ගුරුවරු කිහිපදෙනුකු අප සමඟ පැවසුවේය.

මේ සම්බන්ධව අධ්‍යාපන ඇමතිවරයා හා පළාත් අධ්‍යාපන ඇමතිවරයා සොයා බලා හැකි ඉක්මනින් පියවරක් ගන්නා ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ ගුරු බවතුන් ඉල්ලා සිටියි.



from Gossip Lanka News & Video http://ift.tt/2hltwTz
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();