Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ටෙස්ට් තරගයේ පළමු දිනයේ සුරංග ලක්මාල වැඩ පෙන්නයි කෝලියා 0 ට දවාගයි

ටෙස් තරගයේ පළමු දිනයේ සුරංග ලක්මාල වැඩ පෙන්නයි කොලියා 0 ට දවාගයි

ටෙස් තරගයේ පළමු දිනයේ වර්‍ෂාවෙන් විටි විට බදා පැමිණි අතර පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාවෙ මුල් පෙල පිතිකරුවන් 3 දෙනෙකු දවා ගැනිමට ලංකාවේ පන්දුයවන්නන් සමත් වුනා. මෙහිදි සුරංග ලක්මාල් කඩුලු 3 ක් දවා ගැනිමට සමත්වුනා ඔවුන්ගෙන් දෙදෙනකු ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරිමට සුරංග ලක්මාල සමත්වුනා දැවි ගියේ කේ එල් රාහුල් හා විරාත් කොලියි. දවාන් ලකුණූ 8 කට දැවි ගියා.

මෙම ඉනිමේ සුරංග පන්දුවාර 06ක් ක‍්‍රීයාත්මක කරමින් ප‍්‍රතිවාදින්ට කිසිදු ලකුණක් ලබා නොදෙමින් කඩුලු 03ක් දවා ගැනීමට සමත් ව ඇති අතර 2001 වර්‍ෂයෙන් පසු එවැනි දස්කමක් දැක්වු පන්දුයවන්නා ලෙසද වාර්තා පොත් අතරට එක්විය.

පළමු ටෙස්ට් තරගයේ, කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර කල්කටා හි ඊඩ්න් ගාර්ඩ්න්ස් පිටියට ඊයේ (15) සිට ඇද හැලුණු ධාරානිපාත වර්‍ෂාව නිසාවෙන්, පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය ආරම්භ වූයේ පැය 4ක පමණ ප්‍රමාදයකට පසුවයි.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් පවසා සිටියේ, පාකිස්තානු ටෙස්ට් ජයග්‍රහණයට පසුව අවතීර්ණ වන මෙම තරගාවලිය සඳහා ඉතාමත් හොඳ මානසිකත්වයක් ඇතිව පිවිසෙන බවයි.

තවද ශ්‍රී ලංකා කණ්ඩායමට පිතිකරුවන් හය දෙනෙක්, පන්දු යවන්නන් තිදෙනෙක් හා වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ඇතුළත් කර ඇත. ඉන්දීය කණ්ඩායමට පිතිකරුවන් පස් දෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ පන්දු යවන්නන් තිදෙනෙක් ඇතුළත් කර ඇත.

119



from Gossip Lanka News & Video http://ift.tt/2z6MiWq
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();