
ලංකා බැංකුවේ ප්‍රධාන මූලස්ථාන ස්ථාන ගොඩනැගිල්ල විකුණා දැමීමට සූදානම් වන බවට තොරතුරු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි. පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රකාශ අපේක්ෂාවෙන් යොමු කරන ලද ප්‍රශ්නය ප්‍රශ්නයක් මගින් ඔහු මේ ගැන විමසීය.
මේ සම්බන්ධයෙන් තොරතුරු සභාවට ඉදිරිපත් කරන්නේ දැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් ඔහු විමසීය. ඊට ප්‍රතිචාර දක්වමින් අජිත් නිවාඩ් කබ්රාල් කියා සිටියේ ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල කිසිදු ආකාරයකට විකුණා දැමීමටත් සූදානමක් නොමැති බවයි.
The post ලංකා බැංකුවේ ප්‍රධාන මූලස්ථාන ස්ථාන ගොඩනැගිල්ල විකුණා දැමීමේ සූදානමක්. appeared first on Lanka News Column.

0 Comments