රාගම, තැලසීමියා රෝගීන් සඳහා වන ඒකකයේ නිලධාරීන් පිරිසක් සහ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් පසුගිය දා එම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
එහිදී තැලසීමියා රෝගීන් සඳහා ආධාර ලබාදීම සහ අනෙකුත් පහසුකම් සලසා දීම පිළිබඳව පුළුල්ව සාකච්ඡා කෙරුණි.
එම අවස්ථාවට එම ඒකකය නියෝජනය කරමින් මහාචාර්ය අනූජ ප්‍රේමවර්ධන, වෛද්‍ය පද්මපාණි පාදෙණිය, අප අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, අතිරේක ලේකම් සී.ඩී කළුආරච්චි, ආබාධිත වූවන් සඳහා වන මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ අනුරාධා හේරත් යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරී පිරිසක් සහභාගි වූහ.

0 Comments