Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්‍රිප්ටෝ මුදල් නමින් ශ්‍රී ලංකාවේත් පිරමිඩ ව්‍යාපාරක්.

ක්‍රිප්ටෝ මුදල් නමින් ශ්‍රී ලංකාවේත් පිරමිඩ ව්‍යාපාර…..මහබැංකුවේ කඩිනම් අවධානය යොමු කිරීමට කටයුතු කරන්න

 

Cryptocurrency යනුවෙන් ඉංග්‍රිසි බසින් හැඳින්වෙන පරිගණක ගත මුදල් එසේත් නොමැතිනම් “ක්‍රිප්ටෝ මුදල්” ලෙස හදුන්වාලනු ලබන ඩිජිටල් මුදල් මෑතකාලීනව ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව අතර  අන්තර්ජාලය හරහා මුදල් සෙවීමේ පහසු ක්‍රමයක් ලෙස ප්‍රචලිත වී ඇත.

 

ශ්‍රී ලංකාව තුල විවිධ යූ ටියුබ් නාලිකා මගින්, ෆේස්බුක් හා වට්සැප් සමූහයන් මගින් විවිද වර්ගයේ ක්‍රිප්ටෝ මුදල් වර්ග වෙත මුදල් ආයෝජනය කරන ලෙස ප්‍රචාරණ කටයුතු සිදුකරන මුවාවෙන් බොහෝමයක් පිරිස් සැබවින්ම සිදුකරන්නේ කිසිදු වගකීමක් හෝ වගවීමක් නැති පිරමිඩ ව්‍යාපාරයන්ට කොටස්කරුවන් සම්බන්ධ කිරීමක් බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට කරුණු හෙළිවී ඇත.

 

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව අතර ප්‍රචලිත “Lions Share” නම් ක්‍රිප්ටෝ මුදල් වර්ගය “සැක සහිත පිරමිඩ යෝජනා ක්‍රමයක්” ලෙස නවසීලන්ත වාණිජ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කොට ඇති බව විදෙස් මාධ්‍ය මගින් වාර්තාකොට ඇත. අන්තර්ජාලය හරහා වෙළඳ කටයුතු සිදුකොට මුදල් සෙවීම සදහා ක්‍රිප්ටෝ මුදල් භාවිතා කළහැකි වුවත් “පරිගණක ගත මුදල් භාවිතය ආර්ථිකයට තර්ජනයක්” යන සම්මතයේ සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියාපිළිවෙත හේතුවෙන් තරුණ ප්‍රජාව නිසි අවබෝධයකින් තොරව තමාසතු මුදල් මෙවැනි පිරමිඩ ආයතන වලට ආයෝජනය කිරීමට පෙළබී තිබිම ඉතාමත් කනගාටුවට කරුණක් බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස දකින්නෙමු.

 

ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුල භාවිතයට ගැනීම, ක්‍රිප්ටෝ මුදල් සදහා යම් නියාමනයන් සිදුකිරිම, ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව සතු කාර්යයභාරයක් වන බැවින් මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුකිරීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස දැනුම් දෙමු.

 

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

The post ක්‍රිප්ටෝ මුදල් නමින් ශ්‍රී ලංකාවේත් පිරමිඩ ව්‍යාපාරක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();