Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගමට එන පාර හදාගන්න කිලෝමීටර් 40ක් පයින් ගිය පාදයක් අහිමි රණවිරුවාගේ ඉල්ලීම ඉටුවෙයි

දශක හතරක කාලයක පටන් තම ගමට යන පාර වන ගනේවල්පොල, දාච්චිහල්මිල්ලැව දක්වා මාර්ගය සාදා නොදුන්නා යැයි පවසමින් ජනපතිට සංදේශයක් භාර දීමට පාදයක් අහිමි වූ රණවිරුවකු පාගමනින් ගමන් කරන පුවත දැනගත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද දිනයේ (05) මොරගහකන්ද වාරි සෞභාග්‍යා උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යපෘතිය ඉදිකීරීමේ සමාරම්භක උත්සවය පැවැත්වූ ස්ථානයේදී ඔහුව හමුවිය.
 
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ඔහුගේ එම මාර්ගය කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ කඩිනමින් පිළිසකර කර දෙන බව සඳහන් කරන ලදී.
 
එහිදී ඔහු සමග සුහද කතා බහක නිරතවූ අමාත්‍යවරයා කියා සිටියේ විපක්ෂයේ බංකොලොත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ජනතාව උසි ගන්වමින් ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කිරීමට උත්සාහ කරන බැවින් ඒවාට හසු නොවන ලෙසත් මාර්ග පිළිබඳ මොනයම් වූ ගැටලුවක් පවතීනම් තමාට පෞද්ගලිකව හෝ දන්වන ලෙසයි.
 
එම පාදයක් අහිමි වූ රණවිරුවා ජොන්ස්ටන් අමාත්‍යතුමා සමග සුහද කතාබහක යෙදීමෙන් අනතුරුව සෙල්ෆි ඡායාරූපයක් ද ගෙන සතුටින් නික්ම ගියහ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();