Ticker

6/recent/ticker-posts

Header Ads Widget

FACEBOOK තුලීන් මිතුරු වී ගණිකා වෘත්තියේ යෙදුණු තිදෙනෙකු අල්ලයි | GOSSIP STORY


මුහුණු පොත හරහා ප‍්‍රතිචාර දක්වමින් මිතුරු වන තරුණයන් ඉතා සූක්ෂම ලෙස ගණිකා වෘත්තිය සඳහා යොදවා ගන්නා සුරූපි කතුන් තිදෙනකු (10) දා අලූයම අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි. 
ඒ පිළියන්දල මොරටුව පාර, හොරණ පාර සහ කැස්බෑව විකල්ප මාර්ගයේ ස්ථාන තුනකදී බව පොලිසිය කියයි. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර තිබිණි. ඉංගිරිය සහ මාතලේ ප‍්‍රදේශවල පදිංචි කාන්තාවන් දෙදෙනකු සහ පරිවාස භාරයේ හැදී වැඞී පසුව ගිවිසගත් විවාහයද හැර ආ දෙදරු කාන්තාවක් ද සිටි බව පොලිසිය කියයි. මොවුන් වයස අවුරුදු 24 ,43 සහ 28 වයසේ පසුවන්නන් බව ද පැවසේ. එලෙස සම්බන්ධ වන පුද්ගලයන්ගෙන් රුපියල් රු. 2500 සිට 7500 දක්වා මුදලට අලෙවි වී ඇතැයි ද පැවසේ.

මේ පිළිබඳව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂ , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්. සී. ඒ. පුෂ්පකුමාර, ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පේ‍්‍රමරත්න, පොලිස් අධිකාරී අධිකාරියේ සමන්ත වෙදගේ යන මහත්වරුන්ගේ

අධීක්ෂණයෙන් පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක මහින්දරත්න, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් හා විශේෂ කාර්යාංශයේ නිලධාරීන් මෙම වැටලීම සිදු කර තිබිණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();