Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගුවන්තොටුපොළ රකින්න සුනඛ හමුදාවක්!

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්‍ෂක තත්ත්වය තවදුරටත් තහවුරු කරමින් 20 දෙනකුගෙන් යුත් පුහුණුව ලත් සුනඛ කණ්ඩායමක් ආරක්‍ෂක පිරික්සුම් මෙහෙයුම් කටයුතු සඳහා නිල වශයෙන් යෙදවීම පෙරේදා (15දා) සිට සිදුවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

එහි අරමුණ වී ඇත්තේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය හඳුන්වා දී ඇති ගුවන් ආරක්‍ෂාව සම්බන්ධයෙන් වන රෙගුලාසි නිසි පරිදි ක්‍රියාවේ යෙදවීම තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් මේ අයුරින් පුහුණුව ලත් සුනඛයන් කණ්ඩායමක් ගුවන් තොටුපොළ ආරක්‍ෂක පිරික්සුම් මෙහෙයුම් සඳහා යෙදවීමය.

ගුවන් භාණ්ඩ ලෙස සහ මගීන් රැගෙන යන ගමන් මලුවල රහසිගත ලෙස රැගෙන යා හැකි පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය පහසුවෙන් හඳුනාගත හැකි වන පරිදි විශේෂ හැකියාව ලත් මෙම සුනඛයන්ට පුහුණව දී ඇත්තේ අස්ගිරිය ශ්‍රී ලංකා පොලිස් පුහුණු පාසලේදීය.

සුනඛ කණ්ඩායම ආරක්‍ෂක පිරික්සුම් මෙහෙයුම් සඳහා ඇවැසි පුහුණු කටයුතු නිමකර විසිර යෑමේ උත්සවය පසුගියදා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/2XJCfAL
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();