Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගල්කොරිත් හමුදාවට බාරදෙයි.

දිවයින පුරා තිබෙන සියලූ ගල් කොරිවලට ලබා දෙන පුපුරන ද්‍රව්‍ය නිසි පරිදි භාවිතා කිරීම පිළිබඳව හා ගල්කොරි අධීක්ෂණය කිරීම සඳහා විශ‍්‍රාමික හමුදා නිලධාරියකු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට පත් කිරීමට රජය තීරණය කර ඇති බව පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි.

මාවනැල්ල ගල් කොරියක පුපුරන ද්‍රව්‍ය අතුරුදන්වීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ඇමතිවරයා සඳහන් කර ඇත.

එපමණක් නොව ගල්කොරි ආශ‍්‍රිතව සිදුවන වෙනත් නීතිවිරෝධී කටයුතු මෙන්ම පරිසරයට හා ගල්කොරි අවට සිටින ජනතාවට හානිවන අයුරින් පිපිරවීම් සිදු කරන්නේ ද යන්න සොයා බැලීමත්, අනෙකුත් ගල්කොරිවල මෙම කටයුතු නිසි පරිදි සිදුවන්නේද යන්නත් අධීක්ෂණය කිරීම විශ‍්‍රාමික ඉහළ හමුදා නිලධාරියා හරහා සිදු කිරීමට නියමිත බව සඳහන් වේ.

The post ගල්කොරිත් හමුදාවට බාරදෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();