Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපි හැංගී පැනලා ගිය පිරිසක් නොවෙයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් නිවේදනයක්!

සිය සංගමය කොරෝනා වෛරසයට නොබියව මුහුණ දුන් පිරිසක් මිස හැංගී පැනගිය පිරිසක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කොවිඩ් ආසාදිතයෙකුගේ පළමුපෙළ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගැනීමේ සිද්ධිය පිළිබඳව පැහැදිළි කිරීමක් සිදු කරමින් එම සංගමය මේ බව පැවසීය.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, කොරෝනා රෝගීන් නිතර හමුවන රෝහලක සේවය කරන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ වාට්ටුවේ වෛද්‍යවරයෙකුට කොරෝනා වැළඳීම අනපේක්ෂිත දෙයක් නොවන බවය.

ඔහු සමග එම වාට්ටුවේ කිසිදු පිටස්තර කෙනෙකුගෙන් තොරව වෛද්‍යවරු කණ්ඩායම එකට ආහාර ගැනීම ප්‍රිය සම්භාෂනයක් ලෙස පළකරමින් අවමන් කිරීම සුදුසු නොවන බවද ඉන් පෙන්වා දෙයි.

ඕනෑම අභියෝගයකට නිවැරදිව මුහුණ දීමේ අත්දැකීම් සිය සංගමය සතු බවත් කිරිපිටි ඇතුළු වැරදි ආහාර, දුම්වැටි සහ මධ්‍යසාර සඳහා මෙහෙයවන මුදල්වලට විරුද්ධව රටේ දරුවන්ගේ යහපත සඳහා සිය සංගමය කරගෙන යන මෙහෙයුම් යටපත් කළ නොහැකි බවද ඉන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මේ අතර “කොරෝනා ඇතුළු රෝග ඉදිරියේ අවධානමට මුහුණ දෙමින් අසීරු කාර්යභාරයක් ඉටු කරන පිරිසකගේ චිත්ත ධෛර්ය බිඳ වැටෙන අයුරින් අවිචාරවත් ලෙස එක් මාධ්‍ය ප්‍රධානියෙක් තම මාධ්‍ය ජාලය හසුරුවන අයුරු පෙනේ,” යනුවෙන් ද සඳහන් කර තිබේ.

සම්පූර්ණ නිවේදනය පහතින්,



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/2LPsuy4
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();