Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රැඳවූවන් බැලීමට එන කතුන්ගෙන් ලිංගික අල්ලස් යදින ඉහළ නිලධාරියා!

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවූවන් බැලීමට පැමිණෙන කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකු ගැන බන්ධනාගාර මූලස්ථානයට පැමිණිලි ලැබෙමින් ඇතැයි තොරතුරු දැන ගැනීමට ලැබේ.

මෙම නිලධාරියාගේ අයුතු යෝජනාවලට ලක්වූ රැඳවූවන්ගේ ඥාති කාන්තා පාර්ශ්වය මේ සම්බන්ධව දැනුම් දී ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ සිට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකළ කාන්තාවක් පසුගියදා නිදහස් වී යන අවස්ථාවේ හෝටලයකට යාමට කිහිප විටක් ඇරයුම් කර ඇති අතර එයට අකැමැති වූ ඇයට තර්ජනය කර තිබේ.

මේ පිළිබඳව ඇය බන්ධනාගාරයේ උසස් නිලධාරියකුට පැමිණිලි කර ඇත. එය කෙසේ වුවත් තවමත් බන්ධනාගාර උසස් නිලධාරියාගේ ස්ත්‍රී දඩයම නතර වී නැතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

නිසි විමර්ශනයක් කර මෙවැනි නිලධාරීන්ට දඬුවම් නොකළහොත් බන්ධනාගාර නාමය කැතවීම වැළැක්විය නොහැකි බව බන්ධනාගාර නිලධාරීහු පවසති.

හේමන්ත ලියනපතිරණ



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3nZf2oJ
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();