Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රථවාහන දඩ ගෙවීමට ලබාදී තිබු සහන කාලය අදින් අවසන් වේ

කොවිඩ් -19 වසංගත තත්ත්වය නිසා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් රථවාහන දඩ ගෙවීමට ලබාදී තිබු සහන කාලය අද (15) සිට අවසන් වන බව තැපැල්පති දන්වා සිටියි.

මේ අනුව අද දිනෙන් පසුව වරද කළ දින සිට දින 14ක් දක්වා අතිරේක දඩ මුදල් රහිතව සහ දින 28ක් දක්වා අතිරේක දඩ මුදල් සහිතව අදාළ දඩය තැපැල් සහ උප තැපැල් කාර්යාල වෙත ගෙවිය හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

කෙසේවෙතත් දින 28 ඉක්මවා ගොස් ඇති කිසිදු දඩ පත්‍රිකාවක් සඳහා අද දිනෙන් පසු තැපැල් හා උප තැපැල් කාර්යාල වෙත ගෙවීම් සිදුකළ නොහැකි බව තැපැල්පතිවරයා ප්‍රකාශ කළේය.

නමුත් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි කොළඹ නාගරික රථ වාහන පොලීසිය හා පොලිස් හදිසි ඇමතුම් අංශය මගින් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා සඳහා පෙබරවාරි 08 වන දින දක්වා පමණක් කාලයක් ලබා දී ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();