Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හපුතලේ නව නගරාධිපති දිවුරුම් දෙයි

හපුතලේ නව නගරාධිපති උපුල් දිසානායක මහතා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ විජේරාම පිහිටි නිල නිවසේදී අද (05 )දින දිවුරුම් දුන්නේය.
 
හිටපු නගරාධිපති සම්පත් ළමාහේවා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුරට උපුල් දිසානායක මහතා පත්කෙරිණි.
 
1997 නාගරික මන්ත්‍රීවරයකු ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ කළ උපුල් දිසානායක මහතා මෙයට පෙර ද හපුතලේ නගරාධිපති ධූරය හොබවා තිබේ. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහත්වරුන් ඇතුලු ප්‍රාදේශීය දේශපාලනඥයෝ කිහිප දෙනෙක් එක්ව සිටියහ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();