Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි පොලිස් භාරයට

රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි යළි රුසියාවට පැමිණි විගස එරට පොලිස් භාරයට ගෙන තිබේ. 
 
විෂ ශරීරගතවීම හේතුවෙන්  බරපතල ලෙස රෝගාතුර වී සිට ජර්මනියේ මාස 05කට වැඩි කාලයක් ප්‍රතිකාර ලබමින් සිටීමෙන් පසු නවාන්ලි, යළි සිය රටට පැමිණි අවස්ථාවේදී මෙලෙස පොලිස් භාරයට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.   
 
ආපසු මොස්කව් නුවරට පැමිණෙන අවස්ථාවේදී ප්‍රශ්න කිරීම සදහා රුසියා පොලිස් භාරයට ගෙන ඇති බව සදහන් වේ.
 
44 හැවිරිදි වියේ පසුවන ඇලෙක්සි නවාල්නි, වත්මන් රුසියාකු පාලනය සහ ජනාධිපති ව්ලැදිමීර් පුටින් දැඩි ලෙස විවේචනයට ලක් කළ අයෙකි.  
 
නවාල්නිට වස දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රුසියා රජයට චෝදනා එල්ල වුවද එහි කිසිදු වගකීමක් තමන් භාර නොගන්නා බව රජය සදහන් කරයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();