Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුඛෝපභෝගී බස් රථයක රියදුරු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ගාල්ල – කොළඹ සුඛෝපභෝගී බස් රථයක තිබී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 18 ක් කොස්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.
 
අද(15) අලුයම 05.30 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් සිදු කළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 
 
බස් රථය පැදවූ 27 හැවිරිදි රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
ඔහු අයිස් මත්ද්‍රව්‍ය ගෙනවිත් විවිධ ස්ථානවලදී බෙදා හරින බවට තොරතුරු හෙළිවී ඇතැයි සදහන්වේ.
 
විදේශගතව සිට මියගිය බව පැවසෙන අංගොඩ ලොක්කා නම් සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයෙකු විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවටයි මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.
 
කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන මෙහෙයවන අතර සැකකරු අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();