කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කර තිබු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් අද උදෑසන 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදා හැරීය බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි
ඒ අනුව මෝදර පොලිස් බල ප්‍රදේශය, කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්, බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරි වසම සහ මිරිහාන පොලිස් වසමේ පිටකෝට්ටේ පිහිටි දෙමලවත්ත මෙලෙස හුදෙකලා භාවය ඉවත් කෙරිණි
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ පොලිස් වසමට සහ කිරිබත්ගොඩ පොලිස් වසමට අයත් පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් ද හුදෙකලා භාවයෙන් නිදහස් කරන ලදි
පෑලියගොඩ පොලිස් වසම : පාලියගොඩවත්ත ග්‍රාම නිලධාරී වසම, මීගහවත්ත ග්‍රාම නිලධාරී වසම, පට්ටිය උතුර ග්‍රාම නිලධාරි වසමේ රෝහණ විහාර මාවත, පෑලියගොඩ ගඟබඩ ග්‍රාම නිලධාරි වසමේ නෙල්ලිගහවත්ත සහ පුරාණ කොටුවත්ත ප්‍රදේශය.
කිරිබත්ගොඩ පොලිස් වසමේ විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ජයන්ති මාවත ද නිදහස් කෙරිණි

0 Comments