
මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලියාවලි පොලිස් වසමේ නාවට්කාඩු ගමේ කැලෑබද පාලු ළිඳක තිබී අතක් අහිමි ඇටසැකිල්ලක් හමුව තිබේ.
පිරිමියකුගේ බවට සැක කෙරෙන ඇට සැකිල්ලේ අතක කොටස් සොයා ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන ලෙස දිස්ත්‍රික් මහේස්ත්‍රාත් එන් සුදර්ශන් පොලිසියට නියෝග කර තිබේ. මියගිය පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නැත.
මල සිරුර හමුවූ ස්ථානය අසල බිමහෙලු දැව කඳන් ද තිබූ බව පවසන ප්‍රාදේශීය මාධ්‍යවේදීහු මරණය හා කැලෑ කොල්ලය අතර කිසියම් සම්බන්ධයක් ඇති බවට සැක පහල කරති.
The post මුලතිව් පාලු ළිඳකින් අතක් අහිමි සිරුරු කොටස් හමුවේ. appeared first on Lanka News Column.

0 Comments