Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දුන් පොලිස් පරීක්ෂකවරයෙක් අනුරාධපුරයේදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස විමර්ශන ඒකකයට අනියුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙක් අද (18) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරයි. 
 
අනුරාධපුර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකාර නිලධාරියා භාරයේ තිබී ජංගම දුරකථන 05ක් පොලීසිය භාරයට ගෙන ඇත. 
 
දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේදී එම පොලිස් පරීක්ෂකවරයා යම් අකාරයකට මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සදහන් වේ. 
 
මෙම අත්අඩංගුවට පත් සැකකාර නිලධාරියා අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝගක් ලබා ගැනීමට නියමිතය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();