
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වී තිබේ. ඒ, සිදුකළ ක්ෂණික ප‍්‍රතිදේහ පරීක්ෂණයකිනි. රාජ්‍ය අමාත්‍යවරයා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමට පෙර ඊයේ ( 18)පෙරවරුවේ සිය පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් ද පවත්වා ඇත.
පසුව සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසා ඇත්තේ ඉදිරි සති කිහිපය තුළ තමා සෞඛ්‍ය අංශවල උපදෙසු අනුව කටයුතු කරන බවයි. එබැවින් තමන් සමීපව ඇසුරු කළ සියලූදෙනා සෞඛ්‍ය අංශ වෙත සහය දක්වමින් කටයුතු කරන ලෙස ඔහු ඉල්ලා සිටියි.
The post පියල් නිශාන්තටත් කොවිඩ්….පාර්ලිමේන්තු පොකුර වැඩි වෙයි. appeared first on Lanka News Column.

0 Comments