Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වසංගතය පරාජය කිරීමට අත්වැල් බැදගත යුතුයැයි - චීන ජනපති

ජනතා කේන්ද්‍රගත පාලන චින්තනයක් අනුගමනය කරන බව චීන ජනාධිපති ෂී ජින්පිං පවසයි.
 
චීන ආර්ථිකය ලෝකයේ ප්‍රධාන ආර්ථික ඒකකයන් අතර  2020 වසරේ දී ප්‍රථයෙන්ම ධණාත්මක වර්ධනයක් දිනා ගැනීමට සමත්ව ඇති බව පෙන්වා දුන්  චීන ජනාධිපතිවරයා චීනය වඩාත් ශක්තියෙන් ප්‍රතිසංස්කරණ හා විවෘත කිරීම  පුළුල් ලෙස ඉදිරියට ගෙන යනු ඇතැයි  සඳහන් කළේ 2021 නව  වසර වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.
 
2020 අසාමාන්‍ය වසරක් බව පැවසූ  ෂී ජින් පිං මහතා හදිසියේ මතුවූ නව කොරොනා වසංගතය හමුවේ එය පරාජයට පත් කිරීමට දායකවන සෑම අයෙකුම වීරවර‍යෙක් යැයි පැවසීය. 
 
වසංගතය වැළැක්වීම හා පාලනය කිරීමට දුෂ්කර දිගු කාලයක් අවශ්‍ය බැවින් ලොව පුරා ඒ ඒ  රටවල ජනතාව වඩාත් අලංකාර  මිහිතලයක් නිර්මාණය කිරීම වෙනුවෙන් හැකි ඉක්මනින් වසංගතය පරාජය කිරීමට අත්වැල් බැදගත යුතුයැයි ද ෂී ජින්පිං මහතා සිය නව වසරේ සුභ පැතුම් පණිවුඩයෙන් සඳහන් කරයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();