Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඊයේ කොවිඩ් ආසාදිතයින් 719ක්

මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 52,313ක් දක්වා ඉහළ ගොස් තිබේ. 
 
ඒ, ඊයේ (16) දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 719 දෙනෙකු සමගය. 
 
එම 719 දෙනා අතරින් 697 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර පොකුරෙන් ආසාදිතයින් 18 දෙනෙකුත් විදෙස් රටවල සිට පැමිණි අය අතරින් ආසාදිතයින් 4 දෙනෙකුත් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 
 
දැනට ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් ගණන 7,311ක් වන අතර සුවය ලබා පිටව ගිය ආසාදිතයින් සංඛ්‍යාව 44,746කි. 
 
ඊයේ දිනයේත් කොවිඩ් මරණයක් වාර්තා වූ අතර එයත් සමග සමස්ත කොවිඩ් මරණ ගණන 256 ක් වේ. 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();