මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වීදුරු ආවරණය ට අලාභානි කිරීම සම්බන්ධයෙන් කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය
එම සැකකරු වයස අවුරුදු තිහක පුද්ගලයෙකි .
ඉකුත් මස 28 වැනි දින මෙම සිද්ධිය සිදු කර ඇති අතර එදින ඔහු පේරාදෙනිය රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් යළි රාත්‍රී කෑගල්ල දෙසට එන අතර තුළ මෙම සිද්ධිය සිදු කර ඇතැයි පොලිසිය කියයි.
එම බුදු කුටිය තුළ තිබූ රුපියල් 60ක පමණ මුදලක් ඔහු විසින් සොරාගෙන ඇති බවට විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
මෙම සැකකරු මීට පෙරද පිං කැට ආදිය බිඳ මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/2XcPfOQ
tribune
0 Comments