ශ‍්‍රී ලාංකික ගුවන් මගීන් 594 දෙනකු ගුවන් යානා 09 කින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඊයේ (04 දා) දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ පැමිණ තිබූ අතර තවත් ශ‍්‍රී ලාංකික ගුවන් මගීන් 249 දෙනකු ගුවන් යානා 06 කින් මෙම කාලය තුළ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප‍්‍රකාශ කළේය.
මේ අතරින් කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදර හිරිහැරවලට මුහුණ දෙමින් ශ‍්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැුඳී සිටි ශ‍්‍රී ලාංකිකයන් 376 දෙනෙකු කුවේට් සිට ඊයේ (04 දා) දින අලූයම ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම පිරිස ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව, ගුවන් තොටුපළ තුළ පිහිටා ඇති වෛද්‍ය රසායනාගාරයෙන් නොමිලේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර, රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේය.
මෙසේ ශ‍්‍රී ලංකාවට රජයේ විශේෂ අවසරය මත පැමිණි ඉතිරි 218 දෙනා කොළඹ පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව සංචාරක හෝටල් වෙත නිරෝධායනය සඳහා යොමු කර තිබුණි.
මෙසේ පැමිණ තිබූ ශ‍්‍රී ලාංකික ගුවන් මගීන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 90 දෙනෙකු ද, සෞදි අරාබියේ රියාද් සිට 50 දෙනෙකු ද, සිංගප්පූරුවේ සිට 41 දෙනකු ද සිටිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
එසේම මෙම කාලය තුළ තවත් ශ‍්‍රී ලාංකික ගුවන් මගීන් 249 දෙනෙකු ගුවන් යානා 06 කින් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
එසේ පිටත්ව ගිය ගුවන් මගීන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත 131 දෙනෙකුද, කටාර් රාජ්‍යයේ දෝහා වෙත 70 දෙනකු ද පිටත්ව ගොස් තිබුණි.
කෙසේ වෙතත් මේ අන්නුව පෙනී යන්නේ විපක්ෂ කණ්ඩායම් සිය දේශපාලන වාසි තකා විදෙස්ගත ශ්‍රීලාංකිකයින් මෙරටට රැගෙන ඒම නතර කොට ඇති බවට පලවන වාර්තා අසත්‍ය බවයි.
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3b87cpX
tribune
0 Comments