Ticker

6/recent/ticker-posts

Header Ads Widget

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු


5 වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව සිංහල මාධ්‍ය පිරිමි පාසල් අතුරින් කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත් කර ගැනීමේ ලකුණු සීමාව 193ක්.

මහනුවර ධර්මරාජ විද්‍යාලයට මෙවර ශිෂ්‍යත්ව සමතුන් ඇතුලත් කර ගැනීමේ අවම ලකුණු සීමාව වන්නේ 192ක්.
සිංහල මාධ්‍ය කාන්තා පාසල් අතුරින් කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුලත් කර ගැනීමේ ලකුණු සීමාව දක්වා ඇත්තේ 194ක් ලෙසටයි.

කොළඹ දේවී බාලිකා විද්‍යාලයට සිසුවියන් ඇතුලත් කර ගැනීමේ ලකුණු සීමාව 191ක්.

එමෙන්ම මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූවන් මිශ්‍ර පාසල් වෙත ඇතුලත් කර ගැනීමේ අවම ලකුණු සීමාවන් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයට සිසු සිසුවියන් ඇතුලත් කර ගැනීමේ ලකුණු සීමාව 186ක් වන අතර හොරණ තක්ෂිලා විද්‍යාලයට ඇතුලත් කර ගැනීමේ ලකුණු සීමාව 185ක්.

කුරුණෑගල මලියදේව විද්‍යාලයට සිසු සිසුවියන් ඇතුලත් කර ගැනීමට දක්වා ඇති අවම ලකුණු සංඛ්‍යාව 185ක්.




Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();