Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කසල තේ කිලෝ 29000 ක් සමඟ 07ක් අත්අඩංගුවට

සීදුව කොටුගොඩ දී කසල තේ කිලෝ විසි නව දහසක් සමග සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඊයේ (18) සවස ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මෙ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
 
“ශ්‍රී ලංකා තේ“යන ලේබලය යටතේ එම තේ තොගය මැදපෙරදිග රටක ට අපනයනය කිරීම සඳහා සුදානම් කර තිබිය දී මෙලෙස සොයා ගෙන ඇත.
 
එම කසළ තේ ප්‍රවාහනයට සුදානම් කර තිබු කන්ටේනරයක් සහිත ට්‍රක් රථයක් ද විශේෂ පොලිස් කාර්ය බලකා භාරයට ගෙන තිබේ.
 
අත්අඩංගුවට ගත් කසළ තේ තොගය හා සැකකරුවන් සීදුව පොලීසිය වෙත භාර දී ඇති අතර, හෙට (20) දිනයේ දී එම පිරිස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();