වර්ෂ 2019 යේදී පාසල් සිසුන් තිස්දහස් හත්සිය අසූ තුන්දෙනකු නියමිත කාලයට හෝ පාසල් හැරගොස් ඇතැයි අනාවරණය වේ.
පළමුවැනි ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා සිසුන් මෙලෙස පාසල් හැරගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් හෙළි වෙයි.
එම වසරේදී (2019) පළමු ශ්‍රේණියට සිසුන් තුන් ලක්ෂ තිස්තුන්දහස් හැත්තෑ හතර දෙනෙකු ඇතුළත් වී ඇත. ඉන් සිසුන් එකසිය හැටක් දෙවැනි ශ්‍රේණිය දක්වා පැමිණ නැත.
එමෙන්ම දෙවැනි ශ්‍රේණියේදී සිසුන් දෙසිය හැත්තෑ තුන්දෙනෙකු පාසල් හැරගොස් තිබේ.
සිව්වැනි ශ්‍රේණියෙන් සිසුන් එකසිය තිස්අට දෙනෙකුද පස්වැනි ශ්‍රේණියෙන් සිසුන් දෙදහස් හාරසිය එකොළොස්දෙනෙකු පාසල් අධ්‍යාපනයට සමුදී ඇත.
එමෙන්ම පස්වැනි ශ්‍රේණියේ සිට 6 වැනි ශ්‍රේණියට පැමිණ නැති සිසුන් ගණන අටසිය දහසයකි.
හය ශ්‍රේණියේ සිට හත ශ්‍රේණියට පැමිණීමේදීද සිසුන් තුන්දහස් හතළිහක් පාසලට සමුදී ඇත. හත්වැනි ශ්‍රේණියෙන් 8 වැනි ශ්‍රේණියට පැමිණීමේදී සිසුන් තුන්දහස් හත්සිය අසූ පහක් පාසල හැරගොස් තිබේ.
තවද අට ශ්‍රේණියට පැමිණි මුළු සිසුන්ගෙන් හාරදහස් එකසිය විසිහතක් නවය ශ්‍රේණියට පැමිණ නැත. නවය ශ්‍රේණීයේ සිටි සිසුන්ගෙන් හත්දාස් පන්සිය විසිහතරක් දහවැනි ශ්‍රේණීයට පැමිණ නැත.
මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පාසල් නොයන දරුවන් පන්සිය විසිනව දෙනෙකු සිටින බව විගණකාධිපතිවරයා අනාවරණය කරයි. ඒ අනුව කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 35 ඇතුළත පාසල් නොයන දරුවන් 210 දෙනෙකු සිටින බව කියයි. මේ පාසල් නොයන දරුවන් වැඩිම ගණනක් සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය.
මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේද ග්‍රාම නිලධාරී වසම් 42ක පාසල් නොයන දරුවෝ 95 දෙනෙක් වෙති. රත්මලාන කොට්ඨාසයේ දරුවන් 55 දෙනෙකු, කොළොන්නාව කොට්ඨාසයේද 54 දෙනෙකුද සිටින බව සඳහන් වේ.
සීතාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන් 49 දෙනෙකු පාසල් නොයයි. තිඹිරිගස්යාය කොට්ඨාසයේ දරුවන් 23 දෙනෙකුද කඩුවෙල කොට්ඨාසයේ දරුවන් 25 දෙනෙකු පාසල් යන්නේ නැත.
කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 අතරින් දෙහිවල, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ මහරගම කොට්ඨාස තුනෙහි පාසල් නොයන කිසිදු දරුවකු නොමැත.
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/2LDgPCF
tribune

0 Comments