Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දැව සංස්ථාවට කෝටි 114ක පොලු – මිලියන ගණනින් ගෙවීමට ඇති ආයතන ලැයිස්තුව මෙන්න!

විවිධ රාජ්‍ය ආයතන හා පෞද්ගලික සමාගම් විසින් රාජ්‍ය දැව සංස්ථාවට රුපියල් මිලියන එක්දහස් එකසිය හතළිස්හයක එනම් (කෝටි 114ක) මුදලක් ගෙවීමට ඇති බවට වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති මූල්‍ය වාර්තාවකින් හෙළි වී ඇත.

එම වාර්තාවට අනුව ශ්‍රී  ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පමණක් අය විය යුතු මුදල රුපියල් මිලියන නවසිය හතළිහකි.

දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය සිල්පර කඳන් සැපයීම වෙනුවෙන් එම මුදල ගෙවිය යුතුව තිබේ.

රාජ්‍ය අංශයට අමතරව පෞද්ගලික සමාගම් විසින්ද රාජ්‍ය දැව සංස්ථාවට ගෙවිය යුතු මුදල මිලියන 70ක් බවට ගණන් බලා ඇත.

මෙලෙස ගෙවීම් පැහැර හැරීම නිසා දැව සංස්ථාවට අහිමි වී ඇති රුපියල් මිලියන එක්දහස් එකසිය හතළිස් හයක මුදල කඩිනමින් අය කර ගැනීමට කටයුතු කරන ලෙසට විෂය භාර අමාත්‍ය සී.බී. රත්නායක මහතා විසින් අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතාට උපදෙස් දී ඇති බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

ගෙවීම් පැහැර හැර ඇති රාජ්‍ය ආයතන හා පෞද්ගලික සමාගම් මෙසේය.

රාජ්‍ය ආයතන – ශ්‍රී  ලංකා රුහුණු විශ්වවිද්‍යාලය (මිලියන 8), පරිසර අමාත්‍යාංශය (මිලියන 7), රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය (මිලියන 5.5), මහනුවර ශික්ෂණ රෝහල (මිලියන 5.2), ශ්‍රී  ලංකා වරාය අධිකාරිය (මිලියන 3.4), ආරක්ෂක අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය (මිලියන 2.8), පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව (මිලියන 2.7), මහනුවර දිසා ලේකම් කාර්යාලය (මිලියන 2), සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය (මිලියන 1.9), ශ්‍රී  ලංකා යුද හමුදාව (මිලියන 1.7), ගොවිජන සේවා දෙපාර්තමේන්තුව (මිලියන 1.2), ජනාධිපති ලේකම් කාර්යාලය (මිලියන 1.4), දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය (මිලියන 1) ඇතුළු දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ආදී ආයතන රැසක්ද රජයේ රෝහල් හා විශ්වවිද්‍යාලද සංස්ථාවට මුදල් ගෙවීම පැහැර හැර ඇත.

මුදල් ගෙවීමට ඇති පෞද්ගලික සමාගම්,

සන්ෆ්ලවර් සිස්ටම් සමාගම (මිලියන 28), සෙන්ට්‍රල් ඉන්ජීනියරින්ග් සර්විසර්ස් සමාගම (මිලියන 13.3), ජා ලංකා සමාගම (මිලියන 11.8), මොරගහකන්ද ව්‍යාපෘතිය (මිලියන 3.1), බෝගල ග්‍රැෆයිට් සමාගම (මිලියන 1.5),  G.M.I.S. හෝල්ඩිනිග්ස් සමාගම (මිලියන 1.5).



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3ocZgYm
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();