2021 ශතකයේ වඩාත්ම බරපතළ විපත්තීන් වලින් පිරුන මානව අර්බුධයන්ගෙන් සපිරි වසරක් වන බවට ලෝක ආහාර සංවිධානය අනතුරු අඟවයි.
ලොව පුරා පැතිරෙන Covid – 19 වසංගතයෙන් මතුවන මානව අර්බුධය පිළිබඳව සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැඳවා තිබූ රැස්වීමක් අමතමින් ඊයේ (04) දින එම සංවිධානයේ ප්රධානී මෙම අනතුරු ඇඟවීම කළේය.
David Beasley තවදුරටත් අනතුරු අඟවා සිටියේ සමහරක් රටවල් දැනටමත් සාගතයක් අභිමුව සිටින බවත් ලොව පුරා මිලියන 270ක් සාගින්නට ගොදුරු වෙමින් සිටින බවත්ය.
ලොව පුරා රටවල් වල ඇතිවෙමින් පවතින ආර්ථිකයන්ගේ හැකිලීම් සැළකිල්ලට ගත් කළ තම සංවිධානයට අතීතයේදී මෙන් ඩොළර් ට්රිලියන 19ක ප්රදානයන් ඉදිරියේදී බළාපොරොත්තු විය නොහැකි බවත් රෝගය වැළැක්වීමේදී ආර්ථිකයන්ට දැරීමට වන පීඩනය සැලකිල්ලට ගත් කළ එය වෛරසයට වඩා භයානක දෙයක් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්රකාශ කර ඇත.
සිරියාවේ, යේමනයේ සහ දකුණු සූඩානයේ පවතින යුධ ගැටුම් පිළිබඳව සදහන් කරමින් ඔහු අවධාරණය කර ඇත්තේ මෙම ගැටුම් දැන්වත් නවතා අප සියලු දෙනා අපේක්ෂා කරන පවත්වා ගත හැකි සංවර්ධන ප්රතිපත්ති කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.
මෙම වසරේ අගෝස්තු මස ඔහු ප්රකාශ කර සිටියේ වසර අවසාන වන විට ලොව මන්දපෝෂණය 80% කින් ඉහල යෑමේ අවදානමක් පවතින බවයි.
සමස්ථ සංදර්භය සැළකිල්ලට ගත් කළ ලොව පවතින්නේ අයිස් කන්දක් ආසන්නයේ ඇති “ටයිටනික් නැවක්” බඳුව යයි ඔහු අවසාන වශයෙන් පවසා සිටියේය.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rt.com/news/508748-un-2021-crises-famine/
from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3oq7Fr2
tribune

0 Comments