Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අක්‍රීය වූ PCRයන්ත්‍රයේ ගැටළුව චීන තාක්ෂණික විශේෂඥයින් සොයා ගනියි

මුල්ලේරියාව මූලික රෝහලේ පවතින චීනයේ නිෂ්පාදිත පීසීආර් යන්ත්‍රයේ ඇතිව තිබෙන තාක්ෂණික දෝෂය සැකසීම වෙනුවෙන් පැමිණි චීන තාක්ෂණික විශේෂඥයින් පිරිස යන්ත්‍රයේ තාක්ෂණික දෝෂය හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සදහන් කරයි.
 
චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ පැය 10ක පමණ කාලයක් ගත කර ඔවුන් තාක්ෂණික දෝෂය හඳුනාගෙන ඇති අතර එය නිවැරදි කිරීමෙන් අනතුරුව සඳුදා සිට පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට හැකිවෙනු ඇති බවයි.
 
චීන රජයේ තාක්ෂණික සහාය ඇතිව හදිසි පදනමක් මත ජුනි මාසයේදී මුල්ලෙරියාව මූලික රෝහලේ නව රසායනාගාරයක් ඉදිකර ඇති අතර මේ දක්වා එහි පරීක්ෂණ 26,000ක් පමණ සිදුකර ඇත.
 
යන්ත්‍රය යළිත් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන විට පැය 12කට වරක් PCR පරීක්ෂණ 500ක් පමණ සිදුකිරීමට අවස්ථාව පවති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();