ඇඳිරි නීති තත්ත්වය ලිහිල් කිරීමත් සමඟ විෂබීජහරණයට ලක් කරන ලද මධ්‍යම තැපැල් හුවමාරුව සීමිත රාජකාරී කිහිපයක් සඳහා හෙට දිනයේ (09) විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කරයි
ඒ අනුව ජාත්‍යන්තර අධිවේගී තැපෑල ,ව්‍යාපාරික තැපෑල ,දේශිය අධිවේගී කුරියර් සේවාව හෙට සිට විවෘත කිරීමට නියමිතය
ලියාපදිංචි ලිපි අංශය තේරීම් කටයුතු සඳහා අනිද්දා (10) දිනයේ විවෘත කිරීමට අපේක්ෂා කරන බව තැපැල්පති වැඩිදුරටත් අදහස් දක්වයි
කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශ වල රජයේ කාර්යාල වෙත ලියාපදිංචි ලිපි බෙදා දීම 11 වන දා සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.

0 Comments