Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වර්ණ ගැන්වූ කෘතිම කහ වෙළෙඳපොළේ.

මේ වන විට වෙළෙඳපොළේ පවතින උග්‍ර කහ හිඟය හේතුවෙන් මේ වන විට වර්ණ ගැන්වූ කෘතිම කහ වෙළෙඳපොළේ බහුල වශයෙන් අලෙවි වන බවත් මෙම කහ පරිභෝජනය නිසා පිළිකා, වකුගඩු වැනි ආබාධවලට ලක්විය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ පිළිබඳව අදහස් දැක්වන කුළුබඩු වෙළඳාමේ යෙදෙන වෙළෙඳුන් කිහිප දෙනෙකු පවසා ඇත්තේ නියම කහ කෑලි ගෙනවිත් කොටා කලවම් නොකර විකිණීමේදී අවම වශයෙන් ග්‍රෑම් 100ක් රුපියල් 450.00-500.00ක් අතර මිලකට විකිණිය යුතු බවයි. නමුත් අඩු මිලට ලබා දිය හැකි කෘතිම කහ ඕනෑ තරම් ඇති බවත් ඒවා නම් ග්‍රෑම් 100ක් රුපියල් 200.00කට පමණ දිය හැකි බවද ඔවුහු පවසති. පාරිභෝජනයට අමතරව කහ කුඩු විවිධ ශරීර ආලේපන, බිස්කට් ඇතුළු බොහෝ නිෂ්පාදනයන්ට යොදා ගන්නා බැවින් ඒ සඳහා කෘතිම කහ යොදා ගැනීම මගින් ඒවා ආලේපනය හා පරි​භෝජනය මගින් විවිධ අසාත්මිකතා ඇතිවීමේ හැකියාවක් ඇති බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

The post වර්ණ ගැන්වූ කෘතිම කහ වෙළෙඳපොළේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();