නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීමේ වැඩපිළිවෙළ අද (02) සිට ආරම්භ කරන බව පොලීසිය ප්‍රකාශ කරයි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන පරිදි ඒ සඳහා පොලිස් ස්ථාන මගින් අවසර ලබා ගත යුතුය
කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේ, 7000 කට අධික වෙළෙඳුන් පිරිසක් ඒ සඳහා ලියාපදිංචි වී ඇති බවයි.
කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පැවසුවේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස් වෙත ප්‍රවාහනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා ප්‍රකාශ කළේ, ප්‍රදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම ක්‍රියාත්මක කරන බවයි.

0 Comments