
ගාල්ල අම්බලන්ගොඩ නගරය කොරෝනා අවදානමකට මුහුණ දී ඇත. ඒ ඊයේ (31) තවත් ආසාදිතයන් දෙදනෛකු වාර්තා වීමත් සමගයි.
එක් ආසාදිතයෙක් අම්බලන්ගොඩ නගරයේ ෂයිනි ආයතනයේ කොණ්ඩා කැපීමේ නිරත වන අයෙකු වන අතර අනෙක් පුද්ගලයා අම්බලන්ගොඩ ධීවර වරායේ මාලු වෙළෙන්දෙක්ලෙස වාර්තා වේ.
එක් අයෙක් කරන්දෙනිය පදිංචි අයෙක් වන අතර අනෙක් පුද්ගලයා අම්පලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේ පදිංචි අයෙකි.
අම්බලන්ගොඩ ෂයිනි ආයතනයේ හමිකරු වන පද්මානන්ද වන අය මීට දින දෙකකට පෙර නිරෝධායනට යටත් කර ඇති අයෙක් උවද ඔහු ඊයේ (31) දිනයේ පෞද්ගලික වෛද්‍ය ආයතනයක් පවත්වා ගෙන යන වෛද්‍ය ප්‍රසන්න යන අයගෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇති බවද වාර්තා වේ.
අනෙක් පුද්ගලයා වන අම්බලන්ගොඩ ධීවර වරායේ මාලු වෙළෙන්දා අම්බලන්ගොඩ නගරය පුරා සැරිසරා ඇති පුද්ගලයෙක් වන අතර ඔහු ඊයේ (31) සවස් වන තෙක්ම මාලු වෙළදාමේ නිරතව ඇත. ඔහුගේ අශ්‍රිතියන් සෙවීම මේ වන විට සිදු කෙරෙමින් පවතින බවද වාර්තා වේ.
ෂයිනි ආයතනය හා ගැටුනු වෙළඳ සැල් 08කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට වසා දමා ඇති අතර එහි හිමික තමාගේ හිතුමතේ නගරය පුරා ඊයේ සවස් වන තෙක් සැරි සරා ඇති බවට ද නගරවාසීන් චෝදනා කරයි.
The post අම්බලන්ගොඩ නගරය කොරෝනා අවධානමක. appeared first on Lanka News Column.

0 Comments