Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සති අන්තයේ සංචරණය සීමා කර නිවසටම වී ගත කරන්න

නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද සහ හෙට වැඩි වශයෙන් මාර්ග බාධක යෙදවීමට පොලීසිය තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.   
 
අදාළ ප්‍රදේශවල ජනතාව සති අන්තයේ සංචරණය සීමා කර නිවසටම වී ගත කළ යුතු බවත් , ඇදිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල ජනතාව ද නිරෝධායන රීති අනුව කටයුතු කළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කරයි.
 
කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කෙරුණු කළුතර දිස්ත්‍රික්කයේ මතුගම – බදුගම නව ජනපදය ඊයේ පස්වරුවේ සිට එම තත්ත්වයෙන් මුදාහැරුණි.
 
කෙසේ වෙතත්, බස්නාහිර පළාත සහ කුලියාපිටිය මෙන්ම ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශ හා කුරුණෑගල මහනගර සභා සීමාවට පනවා ඇති, නිරෝධායනය ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. එසේම, ගිරිඋල්ල, සහ මාවනැල්ල, හෙම්මාතගම යන පොලිස් බල ප්‍රදේශ තවමත් හුදකලා ප්‍රදේශ ලෙසට නම්කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();