ඔස්ට්‍රියාවේ වියානා නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් දෙදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙන බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
වියානා නුවට ස්ථාන 06කදී අදාළ ප්‍රහාරය එල්ල කර තිබෙන බවද සඳහන් වේ
රයිෆල් වලින් සන්නද්ධ තුවක්කුකරුවන් මධ්‍යම වියානාහි විවිධ ස්ථාන හයකට වෙඩි තබා ඇතැයි විදෙස් වාර්තාවල සදහන් කෙරේ.
තුවාල ලැබූවන් අතර පොලිස් නිලධාරියෙකු සිටින බවද සඳහන්ය.
මෙම වෙඩි තැබීම්වල අරමුණ තවමත් පැහැදිලි නොමැති බව සදහන් වේ.
ඔස්ට්‍රියානු චාන්සලර් සෙබස්තියන් කුර්ස් මෙම සිද්ධිය “පිළිකුල් සහගත ත්‍රස්ත ප්‍රහාරයක්” ලෙස හැඳින්වූ අතර එක් තුවක්කුකරුවෙකු ද මියගිය බව පැවසීය.

0 Comments