Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සහල් මිල සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

 
කිසියම් නිෂ්පාදකයෙකු / මෝල් හිමියෙකු විසින් පහත දක්වා තිබෙන සහල් වර්ග එහි සඳහන් කර තිබෙන උපරිම මිලට වඩා වැඩියෙන් වෙළෙඳාම් කිරිම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හා වෙළඳාම් කිරිම සඳහා ප්‍රදර්ශනය නොකළ යුටු බවට දන්වමින් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
 
ඒ අනුව,
 
සුදු / රතු වාෂ්පයෙන් තම්බන ලද ( සුදුරු සම්බා) කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රු. 94ක් ලෙස නියම කොට ඇත. එමෙන්ම සුදු / රතු කැකුළු සම්බා කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රු. 94ක් ලෙස නියම කර ඇත.
 
සුදු / රතු නාඩු - වාෂ්පයෙන් තම්බන ලද කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රු. 92ක් වේ. ඊට අමතරව සුදු / රතු කැකුළු හාල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රු. 89කි.
 
මෙම මිල ගණන් ඊයේ සිට බලපැවැත්වෙනු ලැබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();