ශ්‍රී ලාංකේය නව නිපැයුම් ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් සනිටුහන් කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහාචාර්යවරුන් ඇතුළු කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිෂ්පාදිත ප්‍රතිවයිරස නාශක මයික්‍රො හා නැනෝ අංශුවලින් සමන්විත මුහුණු ආවරණයක් වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන වෙත ඊයේ (2 වැනිදා) ඉදිරිපත් කළේය.
මුහුණු ආවරණයක් මගින් සාමාන්‍යයෙන් සිදු වන විෂබීජ අංශු වළක්වාලීමට වඩා මෙම මුහුණු ආවරණයේ විශේෂත්වය ලෙස ප්‍රතිවයිරස නාශක පෙරණයකින් සමන්විත වීම විශේෂත්වයකි. එමෙන්ම පෙරණයන් තුනකින් සමන්විත වන මෙම මුහුණු ආවරණය සේදුම් වාර විස්සක් දක්වා භාවිත කළ හැකි වීමත් මාසයක කාලයක් කිසිදු සේදීමකින් තොරව භාවිත කළ හැකි වීමත් විශේෂ ලක්ෂණයන් ලෙස පෙන්වා දෙන ලදී.
වයිරස අංශු වෙන් කරවා එය කිසිදු ආකාරයකින් ශරීරගත වීමකට ඉඩ නොතබමින් වයිරසය විනාශ කිරීම මෙමගින් සිදු වන අතර මුහුණු ආවරණ නිපදවීම සඳහා භාවිත කරන රෙදි වර්ග සඳහා ද සෞඛ්‍ය ආරක්ෂක ඇඳුම්වල කොලරය, අත් දෙකෙහි මැණික් කටුව ආශ්‍රිත ආවරණ සඳහා ද මෙම තාක්ෂණය යොදාගත හැකි ආකාරය ද මෙහිදී පෙන්වා දෙන ලදී. එමෙන්ම වායු සමීකරණ යන්ත්‍ර සඳහා පෙරණයක් වශයෙන් යෙදිය හැකි මෙම ප්‍රතිවයිරස් නාශකය පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කණ්ඩායම විසින් පෙන්වා දුන් කරුණු අනුව මෙම නිෂ්පාදනය දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළට සැපයීමේ ධාරිතාවයක් දක්වා වැඩිදියුණු කළ යුතු ක්‍රමවේද පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාව සඳහා එම පර් යේෂණ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය ගාමිණී රාජපක්ෂ සහ කණ්ඩායම් සාමාජිකයන් වන වෛද්‍ය චමින්ද හේරත්, ගයාන් තිලකරත්න සහ රුවන් නානායක්කාරද දේශීය ඇඟලුම් සංසදයේ සභාපති හේමන්ත කුමාර යන අයද සහභාගී වී සිටියහ.


from රට තොට – Colombo Tribune https://ift.tt/3mRjcPr
tribune

0 Comments