
අමෙරිකානු ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ අවසන් අදියරේ කටයුතු මේවනවිට කි‍්‍රයාත්මක වේ. ඒ අනුව බොහෝ ප‍්‍රාන්තවල ඡන්ද විමසීම මේවනවිටත් අවසන් වී ඇති අතර ඇතැම් ප‍්‍රාන්තවල එම කටයුතු අවසන් අදියරට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ අමෙරිකාවට දැඩි බලපෑම් එල්ල වි තිබුණද, එරට වැසියන් බොහෝ දෙනෙකු මහත් උනන්දුවෙන් ඡන්දය ප‍්‍රකාශ කර තිබූ බව විදෙස් වාර්තා පවසයි.
දෙවන වරටත් ලොව බලවත්ම රාජ්‍යයේ පාලකයා ලෙස කිරුළු දැරීමට නම් ජනාධිපති ට‍්‍රම්ප් මැතිවරණ කොට්ඨාශ 538 න් 270 ක බලය හිමිකර ගත යුතු වේ.
මේ වනවිට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ඡන්ද විද්‍යාල 122ට 92 ක් ලෙස ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
The post ජෝ බයිඩන් ඉදිරියෙන්. appeared first on Lanka News Column.

0 Comments