පිට පළාත්වල සිට බස්නාහිර පළාතට කර්මාන්ත සදහා අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට අවශ්‍ය ඇදිරි නීති බලපත්‍ර ලබා දීමේ වැඩපිළිවෙලක් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියි.
සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ඉදිකිරීම් ව්‍යාපෘතී සිදු කළද මේ වන විට ඉදිකිරිම් ක්ෂේත‍්‍රය ප‍්‍රයෝගික ගැටලූ රැසකට මුහුණපා ඇතැයි ශ‍්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය සදහන් කරයි. ගොඩනැගිලි ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීම, වැඩබිම්වල ශ‍්‍රමිකයින් ප‍්‍රවාහනය කිරීම සදහා ඇදිරි බලපත‍්‍ර ලබා ගැනීමේදී එම ක්ෂේත‍්‍රයේ නිරත පාර්ශ්ව ගැටලූ රැසකට මුහුණ පා ඇති බව ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පවසා තිබේ.

0 Comments