Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනාධිපති කොමිසම කැලෑ උසාවියක් කී අයට වැඩ වරදී

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර, ජේ.සී. අලවතුවල, මයන්ත දිසානායක යන මහත්වරුන් දේශපාලන පළි ගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම කැලෑ උසාවියක් යැයි පැවසීම කොමිසමට කළ අපහාසයක් යැයි සලකා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා තීරණය කර තිබේ. 

ඒ අනුව අදාළ මන්ත්‍රීවරුන්ට කොමිසන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පෙනීසිටින්නැයි නියෝග කරමින් අද (7) දිනයේදී නොතීසි නිකුත් කරන ලෙසට සභාපති විනිසුරුවරයා වහා දැනුම් දී තිබේ. මෙම කොමිසන් සභාවට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වන වීඩියෝ පටයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විරුද්ධව කොමිසන් සභා පනතේ 10 වන වගන්තිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වන වගන්තිය යටතේ නීතිමය පියවර ගන්නා බවත් සභාපති විනිසුරුවරයා සඳහන් කර තිබේ.

 

 

පහන් විජේසේකර


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();