මීගමුව,දළුපොත තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමු කර සිටි මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධ සිරකරුවකුගේ ගුද මාර්ගයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය අඩංගු කුඩා පැකට් 80ක් සොයා ගැනීමට එම බන්ධනාගාර නිලධාරින් සමත් වී ඇත.
මෙම විශෝධන බන්ධනාගාරයේ විජය 01 වාට්ටුවේ රදවා සිටි තුවාන් නිලාම් මොහොමඩ් අර්ෂාඩ් නැමැති සිරකරු මෙසේ සිය ගුද මාර්ගයේ සූක්ෂමව මත්ද්‍රව්‍ය පැකට් සඟවා ගෙන සිට ඇති අතර ඔහු ඒවා කුඩා පැකට් 20කින් යුත් පාර්සල් 04ක් ලෙස සඟවා ගෙන සිටි බව බන්ධනාගාර නිලධාරිහු පවසති.
හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා මාලිගාකන්ද අධිකරණය මගින් පසුගිය 01 දා රක්ෂිත බන්ධනාගාර කිරීමට නියම කළ අතර නිරෝධායනය වන ඔහු සිටි සිරවාට්ටුව බන්ධනාගාර නිලධාරින් පෙරේදා (2) පස්වරුවේ කළ සෝදිසි මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය පැකට් සොයා ගෙන ඇත.මෙම මත්ද්‍රව්‍ය පැකට් ඉදිරි විමර්ශන සඳහා මීගමුව පොලීසියට භාර දී ඇත.
බුද්ධිකා ඉඹුලාන

0 Comments