Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එකම කර්මාන්තශාලාවේ 49කට කෙරෝනා - තවත් කොරෝනා පොකුරක් මතුවෙයි


වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසය තුළ දෙදින තුල සිදුකරන ලද පරීක්ෂණවලදී කොරෝනා ආසාදිත පුද්ගලයන් 75 දෙනෙකු හදුනාගෙන ඇත.

එම ආසාදිතයන්ගෙන් බහුතරයක් වත්තල කෙලවරපිටිය කර්මාන්තශාලාවක සේවකයින් පිරිසකි.

එම කර්මාන්තශාලාවේ සේවකයින් දහසක් පමණ සේවයේ නිරත වන අතර කර්මාන්ත ශාලාව මේ වන විට තාවකාලිකව වසා දමා තිබේ.

වත්තල මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර මහතා පවසන්නේ එම කර්මාන්ත ශාලාවේ එකසිය විසි දෙනකු පරික්ෂා කිරීමෙන් පසු 49 දෙනකු ආසාදිතයන් යයි හෙළි වූ බවයි.

ආසාදිතයන් රෝහල්ගත කර ඇති අතර සෙසු පිරිස පරීක්‍ෂාවලට යොමු කිරීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();