Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙරට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 15,723 ක් වෙයි

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටින් ආසාදිතයින් සංඛ්‍යාව 15,723 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
 
 ඊයේ (12) දිනයේ හඳුනාගැණුනු නව ආසාදිතයින් සංඛ්‍යාව 369 කි
 
ඊයේ දිනයේ දී හඳුනාගැණුනු ආසාදිතයින්ගෙන් 369 දෙනෙකු මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටින ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
 
මීට අමතරව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් සිව් දෙනෙකු ද ඊයේ දිනයේ දී ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
 
ඒ අනුව මේ වන විට ආසාදිතයින් 5,022 දෙනෙකු රෝහල්ගතව පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
 
සමස්ත ආසාදිතයින්ගෙන් 10,653 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();