Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිරෝධායනයට ලක්වන පවුල් සඳහා රු 10000ක ආහාර මල්ලක්!

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නිරෝධායනයට ලක්වන පවුල් සඳහා රුපියල් 10,000ක වටිනාකමකින් යුත් ආහාර මල්ලක් නොමිලේ ලබා දීමට තීරණය කර ඇත.

රුපියල් 5000ක වටිනාකමකින් යුත් ආහාර මලු දෙකක් වශයෙන් අවස්ථා දෙකකදී මෙය ලබා දීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

දින 14ක් සඳහා සරිලන ආකාරයට සකස්කර ඇති මෙම ආහාර මලු ලබා දීමේ කටයුතු මේ වන විට දිස්ත්‍රික් ලේකම් හෝ දිසාපතිවරුන්ගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කර තිබේ.

එහිදී කොළඹ දිස්ත්‍රක්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13ක නිරෝධායනය වන පවුල් 6,025 ක් සඳහා මෙම පලතුරු හා වියළි ආහාර ඇතුළත් මලු ලබා දීමට කටයුතු කර ඇත.

හෝමාගම, දෙහිවල, මොරටුව හා කඩුවෙල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන්හි මෙම වැඩසටහන මෙවන විටත් ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13ක නිරෝධායනය වන පවුල් 6,807කට මෙම ආහාර මලු බෙදා දෙනු ඇති.

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 14ක නිරෝධායනය වන පවුල් 2,245ක් සඳහා මෙම ආහාර මල්ල ලබා දීමට නියමිතය.

එමෙන්ම, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1,248ක් සඳහා මෙම ආහාර මලු බෙදා දීමට කටයුතු සුදානම් කර තිබේ.

මීට අමතරව අලුතින් නිරෝධායනයට එක්වන පවුල් සම්බන්ධයෙන් තොරතුරු ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් ලබාගෙන එලෙස අලුතින් එක්වන පවුල් සඳහා ද අඛණ්ඩව මෙම රුපියල් 10,000සේ ආහාර මල්ල ලබා දීමට කටයුතු කරන බව දන්වා ඇත.



from රට තොට – Colombo Tribune https://ift.tt/3efhKmF
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();